Sunday, August 28, 2016

යහපාලනය

යහපාලනය

 

හොරුත්

දූෂකයොත් 

බවුන් වඩන්නොත්

එකම පිළක 

වැජඹෙන අපූරුව

Friday, August 26, 2016

උඹ

මොනාලිසාගේ චිත්‍රයක්

බිත්තියේ එල්ලගෙන

හැමදාම ඒ දිහාබලාගෙන හිටි නිසා

මමවෙනස් වුණා ඈ වගේ

රැලි කොණ්ඩේ මුදු මුහුණ ඇගෙ වගේ

එහෙත් උඹ මා හැර ගියා 

උඹේ මොනාලිසාටත්

උඹ වගේම හුගක් උන් ආදරේ කරාවි කියා 


Saturday, August 20, 2016

විනිවිඳිමි සොඳුරු අඳුර


ආලය කරමි අඳුරට


දෑස් පෙනෙනා ආලෝකයට වඩා

අනුන්ටත් මා නොපෙනෙන

මටත් අනුන් නොපෙනෙන

ඳුරට පෙම් බඳිම් මම

දෑස් අඳුරට හුරු වන තුරු 

පෙම් නොබඳීවි ඳුර මට

දෑස පෙම් බැඳි කල ඳුරට


ඳුරත් ආලෙ කරයි මට

ඉඳින්

විනිවිඳිමි සොඳුරු ඳුර


Wednesday, August 10, 2016

අරුමය

අරුමය


කැළතුණ බොරදිය පොකුණක

ඉවුරත


කළපු මත්ස්‍යයෙක් 


සොයයි පීරමින්


මඩදිය 


මඩ නොතැවරුණු 

මැසින්නක් 



Monday, August 8, 2016

ඇමතිතුමෙක්


 ඇමතිතුමෙක්

 ඒ කාලේ රෙදි ඇදන්
ඒ පැත්තෙ හිටි කෙනෙක්
මේ පැත්තට පැන
ඒ කාලේ අර ගොල්ලෝ
කළේ මෙහෙමයි කියයිරෙදි නැතුව හිටගෙනම 

වෙනස් වෙන්න

වෙනස් වෙන්න

ඔබ බුද්ධිමත් දැයි මම නොඅසමි. ඔබ බුද්ධිමත් නම් තවදුරටත් කඩේ යෑම නතර කළ යුතුය. වසර ගණනක් තිස්සේ කඩේ යෑම අපට හුරැ පුරැදුය. මන්ද අප තවමත් පාට අනුව කතිරේ ගසන රටක වෙසෙන නිසාවෙනි. ඔබේ පියා නිල් හෝ කොළ හෝ රතු වූ පමණින්  ඔබත් පාට අනුව ඡන්දය දිය යුතුය යන ව්‍යාජ සංකල්පය වසර ගණනක සිටම කර පින්නාගෙන සිටින රටක් වීම නිසාම වසර ගණනක් තිස්සේ අපට අහිමි වූ දෑ බොහෝය.පෙළපාලිවල දහඅට පාළි නටමින් කෑ මොර දීමේ දේශපාලන සංස්කෘතිය තවමත් වෙනස් වී නැත්තේ මේ නිසාය . අප ආරෝපණය විය යුත්තේ පක්ෂයකට, පාටකට හෝ පෞරැෂත්වයකට නොවේ. ප්‍රතිපත්තිවල ගුණාත්මක භාවයටය. නමුත් අපි තවමත් දේශපාලනය දෙස බලන්නේ  පාට කණ්ණාඩි දමාගෙන වීම කනගාටුදායක කරැණකි.අප දැන්වත් වෙනස් විය යුතුය. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුය.පරම්පරානුගතව හෝ දේශපාලන පක්ෂ අනුව මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ඡන්ද බලය භාවිත කර  නුසුදුසු පුද්ගලයින් අප නියෝජනය සදහා පත් කර ගැනිම අනුවණ ක්‍රියාවක් බව දැන්වත් වටහා ගත යුතුය. 


කාන්තා ඔබ සිතන්න

වරද කාගේද

අපි 2500 ක මහා ඉතිහාසයක් තියෙන ‍‍ෙබෟද්ධ රටක් කියලා උදම් අනමින් අපි හැමදාම එක තැන පල් වෙනවා. ඒ ප්‍රෞඪත්වයේ ඉදලා වර්තමානය වෙනකොට අපි වෙනස් වෙලා තියෙන්නේ කොහොමද ?අපිට මහා සංස්කෘතියක් තියෙනවා .ඔය සංස්කෘතිය හැමදේටම අඩිතාලම හදලා තියෙනවා විතරක් නෙමෙයි. සමහර දේවල්වලට මග අහුරලා තියෙනවා කියලත් මට  නම් හිතෙනවා. ඔය සංස්කෘතික බැදීම් පුපරා ගිය අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා .මවක් දරැවෙක් කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගිය බව ඊයේ පළවු පුවතක සදහන් වුණා.ඔව් මේ වසර 2500ක ඉතිහාසයක් තියෙන රටේ . දැන්
කට්ටියම එකතු වෙලා මේ අම්මට බනිනවා . ඒක තමයි ලංකාවේ සංස්කෘතිය. ඒත් කවුද අහන්නේ ඇයි මේ අම්මා මෙහෙම කළේ කියලා . මොන හේතුවක් වුණත් දරැවෙක් පාරේ දාලා යන එක ඉතාම දරැණු සහ නොමනා වැඩක් . ඒත් එතන ඉන්න ඕන තාත්තා එතන බැනුම් ඇහුවද? ඒ කාන්තාව ඒ දරැවා හදා ගත්තේ තනියමද?  එතන හිටිය පිරිමියා ගැන කාටත් අමතක ඇයි? ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. කොල්ලා නාවලා ගෙට ගත්තම හරි කියල අදටත් සමාජය කියනවා .ඇයි දුවට එහෙම සලකන්නේ . ඇයි පිරිමියාගේ වරද සොයන්න කවුරැත් උත්සාහ නොකරන්නේ. මේ සමාජයේ කිසි කෙනෙක් කෝවලන් කෙනෙක් සොයන්නෑ. හැබැයි පත්තිනියක් නම් සොයනවා. ස්වාමියා කෙරෙහි කාන්තාවක් සතුව තිබිය යුතු යැයි කියන ඔය පතිවෘතාව කාන්තාවක්ම වුණු නැන්දම්මලා අම්මලාත් හොයනවා . හැබැයි එතන දුවට ලැබුණේ කෝවලන් කෙනෙක් නම් එතන කවුරැත් කතා කරන්නෑ.  මාධවියකට අද සමාජය දොස් නැගුවත් මාධවියක් නිර්මාණය කරපු කෝවලන් ගැන කිසිකෙනෙක් කතා කරන්නෑ. ලංකාවේ සිනමා කෘතියත් හොයන්නේම කාන්තා පතිභක්තිය. කැදැල්ල රක්නා ගැහැනියක් වගේම ආදරයේ දෙව්රැවක් පමණයි ලාංකීය සිනමාවටත් අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට අර වරදකාර කෝවලන්ලා සැගවෙන එක අහන්නත් දෙයක්ද?මේ සංස්කෘතිය විවාහක කාන්තාවට දාලා තියෙන විලංගුව කොහොම එකක්ද ?වැලකට එතෙන්න ගහක් ඕනම ලු. ඒ වගේ විවාහක කාන්තාවකටත් තනිව ජීවත් වන්න අපහසුයිලු. මේ මතය අදට ගැළපෙනවද? මේ වගේ මත සංස්කෘතිය තුළ තිබෙන තාක් පත්තිනියන් වරදකාර කොවලන්ලා නැවත නැවතත් භාර ගැනීම සිදු නොවී තියෙයිද ? වරද කාගේද? 

Saturday, August 6, 2016

තාත්තාගේ මළගම


තාත්තාගේ මළගම

''තාත්තා මියැදුණා''

ටෙලිග්‍රෑමයක් ඇවිත්

අමම්ගෙන් මයෙ හිතේ

යන්න වෙයි දැන්මම 


අයියෝ මං හෙට

ෂොපින් යන්නයි හිටියේ

ඔක්කෝම ඉවරයිනේ දැන් ඉතිං

කුමාරිගේ මැසිවිල්ල 


මල්ලිගේ ඔපිසියේ

කට්ටියත් අද ඒවි

සලකන්න වෙයි හො‍‍ඳට

නැත්නම් වස ලැජ්ජාව 


ගමේ උනුත් ඉන්නෙ 

ඔය සෑහෙන්න

අනේ  උන්ටනම් ඔය

මොනවා දුන්නත් මොකද

''අක්කාගේ දෙඩවිල්ල'' 


වළ  කපන්නෙත් උන්ද

තොරණ බැන්දෙත් උන්ද

උන්ට නම් ඔය මොනවා

කන්න දුන්නම මොකද 


මිහිදන් කරන දින

ගුණ කථන ඇරඹුණා

මල්ලීගේ ඔපීසියේ

කෙනෙක් මුල පුරනවා 


කොහෙද ඔය කියෙව්වට

හිටියේ නෑ එකෙක්වත්

මහත්තයයි මමයි තමයි

බැලුවේ මේ හැමදේම

''කාටදෝ කොදුරන්නේ මා බිරිද'' 


අනේ මගේ දරැවෝ ටික 

තමයි බැලුවේ හැමදේම

තාත්තා මැරෙන තුරැ 

සැලකුවේ උන්දැටත්


අම්මාගේ ගුණ ගැයුම 

කොහේදෝ දුර ගිහින්

වාතලේ මුසු වෙලා

 ඇසී නෑසී ගියා කෙදිරියක් මෙන්

Tuesday, August 2, 2016

මව්පිය ආදරය ෂෙයා විම

මව්පිය ආදරය ෂෙයා විම 

මව්වරන්ගේ දිනයට පියවරැන්ගේ දිනයට අම්මට ආදරේ අය ෂෙයා කරන්න, තාත්තට ආදරේ අය ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේ පෝස්ට් ඕන තරම් මුහුණු පොතේ දැකගන්න පුලුවන්. එතකොට අම්මට ආදරේ අය ඒක ෂෙයා කරනවා ඇති. ඒ ගැන හැගීම්බර අයත් ෂෙයා කරනවා ඇති. මං කතා කරන්නේ ඒ ෂෙයා කිරීම නැත්නම් කමෙන්ට් කිරිම වැරදියි කියන එක ගැන නමේ. ඒත් ඇත්තටම අම්මට තාත්තට ආදරේ කරන්නේ ඔයා අම්මට තාත්තට ආදරෙයි කියලා කියන්නේ  ඒ පොස්ටුව ෂෙයා කරලද? 

නැත‍්නම් ඒකට කමෙන්ට් කරලද ? ඒ ආදරේ දකින්න ඔයාගේ අම්ම මුහුණු පොතේ ඉන්නවද අපි අපේ දෙමව්පියන්ට ආදරේ කරන්නේ කාටවත් පේන්නද? අපේ අම්මා තාත්තා අපිටත් ආදරේ කමෙන්ට් කරලා ෂෙයා කළා නම් අද අපිට මොකද වෙන්නේ? ඔබ ෂෙයා කරන පෝස්ටුව දකික්න අම්මට වෙලාවක් තියෙයිද? ඒක අම්මට පේන්නෙත් නැත්නම් කාටද අපි ඒ ආදරේ පෙන්වන්නේ? ආදරේ ෂෙයා කරන්න පුලුවන්ද? දරැවන්ගේ වැඩ කරලා කරලාම නිමාවෙන ඇගේ දවසේ ඕකට වෙලාවක් තියෙනවද අනික ශ්‍රී ලාංකීය සංස්කෘතිකගත අම්මා අපි දකින විදියත් එක්ක අම්මට ඔයා ඔය ෂෙයා කරන පෝස්ටුව දක්නන ඇති ඉඩකඩ කොච්චර අඩුද

අනිත් කෙනා ඒ වගේ පෝස්ටුවක් දාලා තිබ්න පලියට ඔයත් එහෙමයි කියලා පෙන්වන්න තියෙන උවමනාවට නෙමෙයිද ම්නිස්සු ඔය වගේ දේවල් ෂෙයා කරන්නේ. ආදරේ කියන්නේ මානුෂීය හැගීමක්. මින්ස්සු අන්ධානුකරණයට ඇයි මේ තරමටම කැමති. සමහර විට ඔබ ඒ  පෝස්ටුව ෂෙයා කරන කොට ඔබේ අම්මා ඔබ වෙනුවෙන් මහන්සි වෙලා  වැඩ කරනවා ඇති. ඔබේ තාත්තා කුලී වැඩ කරනවා ඇති. නැත්නම් ඒවෙලාවේ ඔබේ තාත්තා කුඹුරේ වෙන්න ඇති. අම්මට ආදරේ පෙන්වන්න ඒ වලාවෙදි ඇගේ වැඩට නැත්නම් තාත්තාගේ වැඩට උදව් උනානම් ඔබ ඔය ෂෙයා කරපු පෝස්ටුවේ ඇත්තම ආදරේ ඔබ අවශ්‍ය උත්තමයන්ට පෙන්වලා ඉවරයි නේද අනත් අතට මෙහෙම වෙන්නත් පුලුවන්. අම්මලා තාත්තලා දැකගන්න බැරි තරම් දුරක ඔබ ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ පෝස්ටුව දැකක් ගමන් ඒක ෂෙයා කරන්න කලින් ඔයා එක පාරක් ඔයාගේ අම්මට තාත්තට කෝල් එකක්වත් දීලා බැලුවද?මම කියන්නෑ  මේ වගේ පෝස්ටු ෂෙයා කරන්න එපා ඒක වැරදියි කියලා. ඒත් හිතලා බලන්න. ඇත්තටම අම්මට තාත්තට ආදරේ පෙන්වන එකයි ලෝකෙට එහෙමයි කියලා පෙන්වන එකයි දෙකක් නේද?

Saturday, July 30, 2016

සිර කිරීම

සීගිරි ළඳ


අහෝ !!!! සීගිරි කාශ්‍යප 
නුඹ ,

පෙන්වමින් මා රූ සපුව

දෙනෝ දහක් දෑස් වෙත

පුබුදුුවා උන්ගේ ගත සිත

සනසවා උන්ගේ මන දොළ

ලියන්නේ උන් 

මා දෙතොල් ගැන

මා දෙතන ගැන

මා දෑස ගැන 

විළි වසා ගන්නේ කෙලෙසද

සමූහ දූෂණයට ලක් කළා නුඹ

තුටු කරන්නේ කෙලෙසද 

මා සිත ගත් ඔහුව 

අසංතෘප්තව දැවෙමි

ශෛලමය සිතුවමක්ව 

සිර කළෙන් නුඹ 

නුඹේ ලෙන තුළ 



තල තෙලට වේලේ මී බෙටි කුමට වේලේ

පෙළපාලි


මිනිසා දේශපාලන සත්ත්වයෙකි. දේශපාලනයෙන් තොරව මිනිසාට දිවි ගෙවිය නොහැකිය. මා ද මනුෂ්‍යෙයකි. එම නිසා මටද දේශපාලනය ගැන කතා කිරීමටවත් අයිතියක් ඇත. අපේ රටේ ජනතාව තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට එකම විසදුම සේ සලකන්නේ ඉල්ලා ගත නොහැකි වූ තැන පෙළපාළි යෑමය. ඇතැමෙක් අයිතිවාසිකම් ඉල්ලමින් පෙළපාලි යති. ඇතැමෙක් දේශපාලන වාසි තකා පෙළපාලි යති. නමුත් අප රටේ බහුතර ජනයා මෙම පෙළපාලිවලට එක් වන්නේ සැබවින්ම තම අයිතිවාසිකම් හෝ දේශපාලන මතය පෙරදැරි කරගෙනද යන්න ගැටලුවකි. 

මා මේ කතා කරන්නේ ආණ්ඩු පෙරළීමට මෑතකදි ගිය පෙළපාලිය පිළිබදවය . මේ පෙළපාලියේ ද විශාල ජන සංඛ්‍යාවක් පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කළ ආකාරයෙන් දැකගත හැකි විය. මේ ජනතාව පැමිණියේ සැබවින්ම තම දේශපාලන අරමුණ ඉටු කර ගැනිමටම ද නැද්ද යන්න කතා නොකර සිටීම හොදය. මන්ද ඒ පිළිබද ඕනවටත් වඩා අත්දැකිම් අප සතුව ඇති නිසාය. කුමන අරමුණක් වෙනුවෙන් වුවද ගව් ගණන් දුර පයින් ඇවිද යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. කෙසේ නමුත් මෙයට සහභාගී වූ ලොකු උදවිය නම් විඩාව මග හරවා ගැනීමටත් සතුට සැමරීමටත් මධුවිත පානය කළ බව පැතිරැණු ආරංචියකි. මේ අප රටේ දේශපාලන සංස්කෘතියේ අධම බවයි. ආණඩු පෙරළන්නට අවැසි අයට දැන් පයින් යෑමටද අපහසුය.නමුත් එයට සහාය පළ කරමින් ගිය මහජනයා ගියේ පයින්ය. කවුරැ කොහොම කිව්වත් කොතනත් වෙන්නේ ඔය ටිකය. කියන්නට වෙන්නේ මේකය. තල තෙලට වේලේ මී බෙටි කුමට වේලේ කියාය. ඒකෙසේ වුවත් එැමදාම ‍ෙව්ලෙන්නේ මි බෙටිය. ඒ අපේ නායකයන් ලබා දෙන ආදර්ශයයි. අනෙක් නායකයන් ද මීට දෙවැනි වන්නේ නැත. දෙපක්ෂයට මාරු වෙවි සිටිනවා හැර වෙනත් විකල්පයකට ජනතාව ද යොමු වන්නේ නැත. ඒ පොරොන්දු දේශපාලනයට ජනතාව හුරැ වී ඇති නිසාය. ඔය කුමන පාළීය ගියත් රට ලබා ගත් පසු ඔය උදවිය යන්නේ දහඅට පාළියත් නටා බව නම් මට තේරෙන කරුණයි.

Tuesday, July 26, 2016

සිහිනය

සිහිනය


ස්ක‍්‍රීන් ටෙස්ට් ළඟපැය ගණන් ළත වුණාපුයර ගෑ සුදු මුහුණු එකින් එක මැලැවුණාමගේ වාරෙත් ඇවිත් පපුවහයියෙන් ගැහෙනවා


ඩිරෙක්ටර සර් උඩ
ඉදන් යටටම බලනවා
හරව හරවා මෙහෙට අරෙහෙට
පොටෝ සැරටම ගන්නවා
හීනේ තාමත් හිතේ ගුලිකර
හුස්ම තදකර ගන්නවා
හීනේ තාමත් පේනවා
උදේ ෂූටිං රෑත් ෂූටිං
දිගට ෂෙඩියුල් දානවා
සොදුරු  හෝටලේ අදුරු රෑකට
සිසිල විද විද ඉන්නවා
මේන් ඇක්ට‍්‍රස් එක්ක කාමරෙ
ඩිරෙක්ටර් ගත කරනවා
හීනේ තාමත් හිතේ ගුලිකර
හුස්ම තදකර ගන්නවා
සීලිමේ සුදු ඉරි වසාගත්
මකුළුවෝ දැල් බඳිනවා
මකුළුවා දැල වියා අවසන
පොඩි සත්තු එනකන් ඉන්නවා
මාත් ඒ  ටික දකිනවා
ජනප‍්‍රිය තරුවක්ව මා අද ෆෑන්ස්ලා මට ඉන්නවා
වෙන නාට්‍යයක ඩිරෙක්ටර් ළඟ
හුස්ම තද කර ගන්නවා
මකුළුවෝ දැල් බඳිනවා












මට හමු වූ ඔහු





විද්‍යා ජෝති සම්මමානය දිනාගත් මහාචාර්ය කේ. කේ. වයි විජේසුන්දර පෙරේරා මහතා සමඟ කළ කථාබහ

”මෝරන වී කරල
නැවෙයි රස වැඩි වන කල ”වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එය එසේමය.ඔහු එතරම් ම නිහතමානී විද්වතෙකි. සරල සුන්දර පුද්ගලයෙකි. විද්‍යා විෂය ක්ෂේත‍්‍රයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන විද්‍යාජෝති ජනාධිපති සම්මානයට ද ඔහු හිමිකම් කියන්නේය. එසේම පසුගියදා ශී‍්‍ර ලංකා  ඉංජිනේරු ආයතනයෙන් ප‍්‍රදානය කරන ලද Eminence in Engeneering සම්මානයට ද ඔහු නිහතමානීව හිමිකම් කීවේය. එපමණක් නොව ඔහුගේ නව නිර්මාණයක් වන smart ceiling fan controller නම් නිර්මාණය සඳහා ද ශී‍්‍ර ලංකා නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් ප‍්‍රදානය කරන ලද සහසක් නිමැවුම් සම්මානයට ද හිමිකම් කියමින් ද, පර්යේෂණ කාර්යයෙන් නව නිපැයුම් ලොවට හදුන්වා දෙමින් ද, අගනා සේවයක් සිදු කරන ඔහු විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ පියෙකි.සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක තමා මෙන්ම අනෙක් සහෝදර සහෝදරියන් ද දැයේ දරුවන්ගේ නැණ වඩවන්නෝ වීම ද විශේෂත්වයකි. අද අප හමු වන්නේ මොරටුව විශ්විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ. වයි.විජේසුන්දර පෙරේරා මහතාවයි.
1929 නොවැම්බර් 29 වන දින උපත ලද ඔහු ගම්පහ දිස්ති‍්‍රක්කයේ කන්නිමහර නම් සුන්දර ගම පිළිබඳ සිය මතකය අවදි කළේය.
”ඒ කාලේ ගම්පහ අද වගේ් මහා විද්‍යාල තිබුණෙ නෑ. මගේ පාසැල රදාවාන සිංහල විද්‍යාලය. මහගමසේකර ,කේ. ජයතිලක දෙපල මගේ ජේ්‍යෂ්ඨයන්.”
”ඒ කාලේ ඉංග‍්‍රීසි ඉගැන්නුවේ කොළඹ ආනන්ද වගේ පාසැල්වල. තුනේ පන්තිය වෙනකම් විතරයි මට ගමේ පාසලට යන්න ලැබුණේ.”
බුද්ධි පරීක්ෂණයකින් සමත් වීම නිසා ඔහුට ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ශිෂ්‍යත්වයක් හිමි විය.
නිහඩ බව බිදිමින් ඔහු නැවත සිය ළමා කාලයට පිවිසෙයි.
”ගමේ පාසැලට යන කාලේ අපි කාටවත් සපත්තු තිබුණේ නෑ.”
ඔහුගේ මුව සිනාවකින් සැරසී ඇත.
එකල ආනන්ද විද්‍යාලයට ඇතුළත්වීම අසීරු කරුණක් වීය. එබැවින් මෙවැනි අවස්ථාවක් ලැබිම ඔහු තම ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් කර ගත්තේය. ආනන්ද විද්‍යාලයේදී ද ඔහු දක්ෂ සිසුවෙක් විය. 1949 දී ඔහු ආනන්ද විද්‍යාලයේ දක්ෂතම ශීෂ්‍යයාට හිමි රන් සම්මානය ද දිනා ගත්තේ ය.
”ඒ කාලේ අද වගේ ශිෂ්‍යත්ව විභාග තිබුණෙ නෑ. ඇත්තටම ඒ කාලේ වගේ ඒ කියන්නේ අපි මුහුණ දුන් ආකාරයේ බුද්ධි පරික්ෂණ වර්තමානයෙත් මේ දරුවන්ට තියෙනවා නම් හොඳයි.මොකද දරුවන්ට අද අධ්‍යාපනය පීඩනයක් කරලා තියෙන්නේ.නිර්මාණකරණයට දරුවන්ට යොමු වෙන්න කාලයක් නෑ. එදා අද වගේ ටියුෂන් තිබුණෙ නෑ. මම නම් ඒකට හරිම කැමතියි. ”
 යම් යම් දැ පිළිබඳ තමා තුල වු කුතුහලය තමා විවිධ නිර්මාණ සඳහා පෙලඹවූ ආකාරය ද ඔහු සඳහන් කළේ මෙලෙසිනි.
”මම කුඩා කාලයේදී මං හිතන්නේ මම 5 පන්තියේ දී විතර ජල රෝදයක් නිර්මාණය කළා. ඒක හරිම විනෝද වැඩක් .තවත් පොඩි පොඩි අත්හදා බැලීම් මම ගොඩාක් කලා .මේවායින් අසාර්ථක වීම් සෑහෙන්න වුණා. ඒත් ඒ නිසා මම උත්සාහය අත් හැරියා නම් මම අද මෙතන නැහැ. අනිත් එක තමයි 1940 ගණන්වල රේඩියෝ ව අපට අළුත් දෙයක්. රේඩියෝ ගමේ වැඩි දෙනෙක් සතුව තිබුණෙත් නෑ. ඔය කාලේ මම සරල රේඩියෝවක් නිර්මාණය කළා. ක‍්‍රිස්ල් සෙට් කියලා තමයි ඒකට කිව්වේ. ඒකේ දයෝඩ සඳහා දිය රත්තරං, අංජනං කැට වගේ දේවල් තමයි භාවිත කළේ. වැදගත්ම දේ මේක අහන්න බැටරි අවශ්‍ය නොවීම. හැබැයි ඉතිං උස ඇන්ටනාවක් නම් බදින්න වුණා . ”
ඔහු සිනාසෙමින් කියාගෙන ගියේය.
විශ්වවිද්‍යාලයක කුලපති තනතුර හෙඹවීම තෙක් ඔහු ආ ගමන් මෙඟහි බාධක මෙන්ම දුෂ්කරතා ද පසුකළ ඔහු එදා සිට මේ දක්වා දරා ඇති තනතුරු සංඛ්‍යාව ද විශාලය.
”1950 දී තමයි ඉංජිනේරු පීඨය පටන් ගත්තේ. ඊට කලින් ලන්ඩන් විභාග වලට මරදාන කාර්මික විද්‍යාලයේ මේ විෂය ඉගැන්වීම් කළා. 1949 දී මම ජේ්‍යෂ්ඨ විභාගය ගත්තා. 1950 දී පීඨය පටන් ගත් නිසා විශේෂ විභාගයක් පවත්වලා සමත් වුණ අයව ගත්තා. මමත් සමත් වුණා. ඔය විදියට තමයි මම ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණේ. මුල්ම කණ්ඩායමේ හිටියේ 25 දෙනෙක් විතරයි. ”
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව ඔහු රජයේ විදුලි දෙපාර්තමේන්තුවේ (අද විදුලිබල මණ්ඩලය* විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් වසර 04 ක් පමණ සේවය කර ඇත. ඉන් අනතුරුව ශිෂ්‍යයත්වයක් හිමි වීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහටු එංගලන්තයට යාමට සිදු විය.
”විදුලි ඉංජිනේරුවෙක් විදියට සේවය කළ කාලේ දී මට අභියෝගයක් වුණ  විශේෂ දෙයක් තමයි ශීී‍්‍ර පාදස්ථානයට විදුලිය ලබා දිමේ ව්‍යාපෘතිය. මට විතරක් නෙවෙයි අපේ කණ්ඩායමටම . කන්ද මැද කදවුරක් ගහගෙන තමයි අපි වැඩ කළේ. ඒක විශාල වැඩක්. අදත් ශ‍්‍රී පාදස්ථානයේ විදුලිය සැපයෙන්නේ එදා අපේ කණ්ඩායම ඒ කළ කාර්යයයේ ප‍්‍රතිඵලයක් විදියට. ”
ගුරුවරයෙක් ලෙස ඔහු සිය වගකීම් මනාව ඉටු කර ඇත. කටුබැද්ද පළමු ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා ලෙස කටයුතු කරන සමයේ උද්ඝෝෂණ හා වෙනත් බාධක හමුවේ සිසුන්ගේ අධ්‍යාපනය අඩාල වීමට ඉඩ නොදී විශාල වෑයමක් දරමින් නිවාඩු දිනවල දී පවා ඉගැන්වීම් කටයුතු කරමින් සිය කාර්යය ඉටු කර ඇත. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන්ම තවත් විශ්වවිද්‍යාල කීපයක ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස ද සේවය කරන ලදී. විදුලිබල මණඩලයේ සභාපතිවරයාව සිටි කාලයේ දී සිදු කරන ලද භාරදූර කාර්යයක් පිළිබඳවද ඔහු සිය මතකය අවදි කළේය.
”ඒ කාලේ විදුලිබල මණ්ඩලයේ උපකරණවලට ,කාර්යය පටිපාටියට මේ හැම දේකටම සිංහල වචන තිබුණේ නෑ. නමුත් 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාට පස්සේ විදලි බල මණ්ඩලයේ භාවිත කරන සියළුම වචන වලට සිංහල වචන හදන්න  ඕන කියලා දැනුම් දුන්නා.මේ කාර්යයට කමිටුවක් පත් කළා. ඒ කමිටුවට මාවත් ඇතුළත් වෙලා. මේක මට යම් තරමක අභියෝගයක්. මොකද මම ඉගෙන ගත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නිසා. නමුත් මේක නිසා මටත් භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලැබුණා .මේ කාර්යයයේ දී අරිසෙන් අහුබුදු ,ජී. වී.  එස්. ද සිල්වා වැනි සිංහල භාෂා වියත් පඩිවරු අපට උදව් කළා. ”
ඔහුගේ නිර්මාණ පිළිබඳ විමසීමේදි මෙතෙක් ලොව නිර්මාණය වී නොමැති ආකාරයේ උත්කෘෂ්ට නිර්මාණයක් ඔහු අතින් නිම වී තිබේ. Smart Ceiling Fan controller එම උපකරණය යි.  විදුලි පංකාවක් වේගය හා කාලය තීරණය කර ක‍්‍රියා කරවීමේ හැකියාවක් සහිතව එය නිර්මාණය කර ඇත. ශක්තිය අපතේ නොයන ආකාරයට මෙන්ම කාර්යයක්ෂමව ද ක‍්‍රියා දිරීමේ හැකියාව එය සතුය. මෙම නිර්මාණය සඳහා හොඳම හදුන්වා දීමේ සම්මානය ද ලැබී ඇති බව යට සඳහන් කළෙමු.
තම නිර්මාණකරණය මෙන්ම කුඩා කාලයේ තමා සතු කුතුහලය විසින් විවිධ දේ අත්හදා බැලීම සඳහා තමා මෙහෙයවන ලද බව සදහන් කරන ඔහු වැරදීම යනු සාර්ථක වීමේ හොඳම පියවර බව පැවසුවේ නිර්මාණකරණයේ යෙදී අසාර්ථක වූ පමණින් අධෛර්යයට පත් නොවන ලෙස උපදේශයක් ද ලබා දෙමිනි.
”මම කුඩා කාලයේ දී කරපු දෙයක් මට මතකයි . කේතලයක් ලිපේ තියලා ඒකෙ වතුර නටන  කොට සිදුරෙන් දුම් විදිනවා දැකලා ඇතිනේ. මම ටින් එකක් අරගෙන දුම් විදින පැත්තට ටින් එකක් තිව්වා ඒ වාතයෙන් ටින් එක උඩ යනවා බලන්න. ඒත් ටින් එක උඩ ගියෙ නම් නෑ.මගෙ අත නම් පිච්චුණා. ”
අපට සිනා නොවී සිටීමට නොහැකිය.
ඔහු නැවත කතාව ආරම්භ කළේය.
”නමුත් ඒකෙන් මම ඉගෙන ගත්ත දේ එදා මම ඒ අත්හදා බැලීම නොකළා නම් මට කවදාවත් ලැබෙන්නෑ. ”
එය සැබෑවකි. එතරම් විශාල සම්මාන ප‍්‍රමාණයක හිමිකරුවා වීම ම එම අත්හදා බැලීම්වල සාර්ථකත්වය කියා පායි.
”එතකොට ඔබේ පවුලේ විස්තර මම විමසුවෙමි. ”
”මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මට දරුවන් සිව් දෙනෙක් සිටිනවා. ඔවුනුත් විවිධ ක්ෂේත‍්‍රවල නියැලිලා ඉන්නවා . ”
අපේ සමුගැනීමේ මොහොත සනිටුහන් කිරීමට පෙර ඔහු විශේෂයෙන් මෙය ද සඳහන් කළේය.
”ළමයෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් යමක් කරන කොට ඒකට රුකුල් දෙන්න. නූතන අධ්‍යාපන රටාවත් එක්ක දරුවන් කාර්යබහුලයි. නමුත් දරුවන්ගේ චින්තනය මරන්න එපා. අත්දැකිමෙන් අවබෝධ කරගැනීමයි ඉතාම වැදගත්. දරුවන්ගේ කුතුහලය නවත්වන්න එපා. ”
 ඒ ආදරණීය වූත් හෘදයංගමවූත් පිළිසඳරක් අවසානයේදී දෙමව්පියන්ට සහ දරුවන්ට විද්වතෙකු, පියෙකු විසින් දෙන ලද පණිවුඩයයි.
ඩබ් .ටී. කලනි සිතාංජලී

Monday, July 25, 2016

දීම නවත්වමුද? නවත්වන්නට දෙමුද?

දීම නවත්වමුද? නවත්වන්නට දෙමුද?

ඈත  අතීතයේ සිටම අප ”දෙන” ජාතියක් ය. වසර ගණනාවක සිටම අපට දීමේ හුරුව ලැබී ඇත. එසේ දීමේ ප‍්‍රතිඵල ද නැතිවා නොවේ. වර්තමානයේදී ද දීම නම් ඉතා ප‍්‍රසිද්ධ වනවාය. ප‍්‍රසිද්ධ වනවා පමණක් නොව ප‍්‍රසිද්ධව පවතිනවාය. පොඩි එව්න් ලොකු එවුන්ට දෙනවාය. ලොකු එවුන් තව ලොක්කන්ට දෙනවාය. අතීතයේ සිටම දීම පිළිබඳව ප්‍රෞඪ ඉතිහාසක් සිංහලයන්ට ඇත්තේය. ඔවුන්ට කොච්චර දුන්නත් හිත් වදින්නේ නැතිය. නොදෙන සිංහලයන් ද අතලොස්සක් හෝ ඇති බව කිව මනාය. ඔවුනට අප ගරු කරන බවද කිව මනාය. පෘතුගීසීන්ට දීමේ සිට ජාතීන් තුනක් දක්වාම දීම නැවතුණේ නැත. උන් අපේ කන්‍යා භාවය රැුගෙන ගිය පසු උන්ටම අප එපා විය . ඉන් පසු උන්ම අපි හැර ගියෝය. ඉ`ගුරු දී මිරිස් ගත්තා වාගේ යයි කියමනක් ද අපට ඇත්තේය. ඒ තරමටම ”දීම” අපට සම්බන්ධය.
දේශපාලනය නම්, දීමෙන් ඇත්තේ සියල්ලටම ඉදිරියෙන්මය. දේශපාලනයේ ඇති තරම් ගෙම්බන් ඇත්තේ එම නිසාය. උන් පාට පාට වන්නේ ද මෙනිසාය. මෙහිදි මට මතක් වන්නේ අසවලූන්ය. නොකියා සිටියොත් හරි මදිය. නොදෙන හා නොගන්නා තැන්වල සිටි ඇතැම් වංශක්කාරයන්ට වුණ හදිය මට මතක් වන්නේය. සිනා සෙන්නද අඩන්නදැයි මට තේරෙන්නේ නැත .ඒ දෙන්නට ගිය වංශක්කාරයන් දැන් වංශය කබල් ගා ගන්නා සැටි දැක මට නම් හිනාය. මේ එකෙක් පමණක්ය. තවත් දෙයක් කිව යුතුවම ඇත. ඒ මෙලෙස දෙන්නේ නිකන්ම නොවේ කියාය .මෙලෙස දෙන්නේ තමන්ට දෙයක් ලබා ගන්නට හැකිනම් පමණක් බව කිව මනාය. මෙරට දේශපාලනයට නම් සහමුලින්ම වී ඇත්තේ ඔය ටිකය. පොඩි අයියා ලොකු අයියාට දෙන්නේය. ලොකු අයියා ද පොඩි මල්ලිලාට ඒ වෙනුවෙන් දෙන්නේය.මේ ක‍්‍රමය ලොකු අයියලාට මෙන්ම පොඩි මල්ලිලාට ඡන්දේ දෙන උන්ටත් පුරුදුය. පොරොන්දුවලට රැවටී නැතිනම් දෙනවා කියා වචනය ඇසූ සැනින් උන් කතිරය ගසන්නේ එනිසාය. ගන්නට හා දෙන්නට උපන් හපන් නිසාමය. ඒක උන්ගේ ම වරදක් නොවන්නේය. මේ ක‍්‍රමයේ වරදක්ය.
පැරැුන්නන්ද දීමේ නම් හපන්නුය. උන් දුන්නේ අද දෙන විදියට නම් නොවේය. උදව්වක් නැතිනම් යුතුකමක් හැටියටය.ඒ ගම්මුන්ය. ධාන්‍ය වලට ධාන්‍ය හුවමාරු කොට ගෙන සහජීවනයෙන් ජීවත් වී ඇත්තේය. දැන් ඒ  දීම ද වෙනස් කරගෙන ඇත්තේය. දීමේ ආදීනවද එමට දකින්නට ඇත්තේය. එහි අත්දැකීම් ද අත්විදීම් ද ඇත්තේය . ඒ කොතෙක් වුවත් මේ ක‍්‍රමය තුළදී ඉහළ නැ`ගීමට නම් දීම උවමනාය. ඉ`දින් අපි තවදුරටත් දෙමුද? නැතිනම් ක‍්‍රමය වෙනස් කිරීමට දෙමුද?.

කලනි සීතාංජලී

ඔයත් තනි වෙලාද

ළග සිටින්නන් ඈත් කරන

ඈත සිටින්නන් ළං කරන
ඔබ හුදෙකලා කරන  ජංගම දුරකථන

සන්නිවේදනය හුදු මානව අවශ්‍යතාවක්. සන්නිවේදනයෙන් තොරව කිසිවෙකුට ජීවත් වන්නට අපහසුයි. සතුන් අතර පවා සන්නිවේදනය පවතින්නේ ඒ නිසා. හුදෙකලාව දිවි ගෙවීමට මිනිසාට අපහසුයි. ඒ විතරක් නෙවේ. නූතන තොරතුරු ලෝකයේ තොරතුරුවලින් වියුක්තව දිවි ගෙවන්නටත් මිනිසාට හැකියාවක් නැහැ.මොකද මිනිසා සමාජීය සත්ත්වයෙක්.
තොරතුරු දැන ගැනීමේ සහ හුවමාරු කිරීමේ ප‍්‍රධානම මෙවලමක් විදියට ජංගම දුරකථනය හ`දුන්වන්න පුළුවන්. අපේ රටේ නම් ජනගහනයට අධික ප‍්‍රමාණයක් ජංගම දුරකථන තිබෙන බව බව ඔබ දන්නවා ඇති. ජංගම දුරකථනය සමාජගත වන්නට කලින් , තොරතුරු මූලාශ‍්‍ර විදියට ප‍්‍රධාන ස්ථානයක් ගත්තේ පුවත්පත. ඊට පසුව රේඩියෝව සහ රූපවාහිනිය එක් වුණා.  දුරකථනයේ සමාජගත වීම මේ සියල්ලටම පසුව සිදු වුනත් නුතනයේ නැතිවම බැරි සුවිශේෂී මෙවලමක් විදියට ජංගම දුරකථනය හ`දුන්වන්න පුළුවන්. මෙයට ප‍්‍රධානම හේතුව ජංගම දුරකථනයක ඇති පහසුකම් ප‍්‍රමාණය. නූතන ජංගම දුරකථනයක රේ්ඩියෝව, රූපවාහිනිය විතරක් නෙවෙයි අන්තර්ජාල පහසුකම් පවා තියෙනවා.හරියට විශ්වයට තමන්ගේ අතේ වගේ. මේ නිසා අමුතුවෙන් මෙම උපාංග මිළදී ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ආර්ථික ප‍්‍රවේශයෙන් මෙය වාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකථන නිසා ඔබ හුදෙකලා වෙලා කියලා ඔබ නොසිතන්නට ඇති.
ජංගම දුරකථනය  නිසා නූතන තරුණ පරපුර වල්මත් වෙලා. අයෙක් අනතුරකට පත් වුණත් ඔවුන් යුහුසුළු වන්නේ අදාළ පුද්ගලයා බේරා ගන්න නොවෙයි. ඡුායාරූප ගන්න. නැතිනම් වීඩියෝගත කරන්න. මහපාරේ ඇවිද ගියත් බස් රථයක ගමන් කළත් ඔවුන් ජීවත් වන්නේ ජංගම දුරකථනය එක්ක. ඉයර්ෆෝන් කනේ ගහ ගෙන නැත්නම් මුහුණු පොතේ ගත කරමින්.මේක අදවන විට විලාසිතාවක් බවට පත් වෙලා.අද බොහෝ තරුණ තරුණියන්ට තමා ළ`ග සිටින අයගේ මුහුණ බලන්නවත් වෙලාවක් නෑ. ඒකට උවමනාවකුත් නැහැ. අතිතයේ මින්ස්සු ළ`ග තිබුණ සාමූහික බව නැති වෙලා ගිහින්. ඉස්සර අපි විනෝද චාරිකාවක් යන්නේ හැමෝම එකතු වෙලා විනෝද වෙන්න. කාර්යබහුලත්වයෙන් මිදෙන්න. ඒත් දැන් ඒ අරමුණු වෙනස් වෙලා .අපේ තරුණ පරපුර කොහේ හරි යන්නේ ඡුායාරූප අරන් ඒව මුහුණු පොතට එකතු කරන්න.
ඔබ කියන්න පුළුවන් ජංගම දුරකථන නිසා ගොඩක් ඈත ඉන්න අය ළං කරනවා කියලා. ඒක බොරුවක් නෙමේ. නමුත් අපේ සමීපතමයින් අපට ම`ග හැරිලා නේද. අපේ ළ`ග ඉන්න අයට අපි අවශ්‍ය මොහොතක අපි ඔවුන්ගෙන් ඈත් වෙනවා.හැම මොහොතකම අපි ජංගම දුරකථනත් එක්ක හුදෙකලා වෙනවා. මෙහෙම ගියොත් මානව සමාජ බැදීම්වලට මොකද වෙන්නේ. තාක්ෂණය නරක නෑ.ඒත් ඔබ ඒවත් එක්ක හුදෙකලා වෙන්න එපා. ඒ විතරක් නෙමේ. ඔබේ සමීපතමයින් හුදෙකලා කරන්නත් එපා.ඒක ඔබ ඔබට පමණක් නෙමෙයි සමාජ මානව ධර්මතා වගේම සමාජ ප‍්‍රගමනයටත් කරන විශාල මෙහෙවරක්.



කලනි සීතාංජලී

Thursday, July 21, 2016

උඹයි මමයි

               උඹයි මමයි

විමලේ

ගල් මෝලේ විමලේ අපි                          හැමදාම
වැඩට ගියපු හැටි මතකයි මට                        තාම
එකම සුරුට්ටුව දෙන්නා                          ඉරුවාම
ඇගපත විඩා කොයි ගියෙදෝ             නොකියාම

ඉස්කෝලෙදි ගුටි කෑවේ මා                         හින්දා
බනිස් හොරා නම ලැබුවේ මා                      හින්දා
බඩගින්දරේ මා තබනට බැරි                        හින්දා
විමලේ උඹයි වින්දේ සැමදා                        නින්දා

කෑවත් වේවැලෙන් ගුටි උඹ                       හැමදාම
දෙදෙනා හුන්නෙ නොබිදුණු මිතුරන්            සේම
ගල් මෝලේ වැඩ කර ආ                           මුල් දාම
ලැබුණේ තෑගි පඩුරට උඹගෙන්                      සරම 

කැන්දාගෙන ආ දවසේ මගෙ                         ගෑනී
සුදුවා දුන්නේ උඹ කාටත්                   සන්තොසිනී
අද උඹ නැතිව ගල් මෝලේ හඬ                 මැකුණී
වරදද උනේ මා අත මා තව                        නොදනී

ගල් මෝලේ වැඩ නිම වූ                          සැදෑවේ
තනියම  මා ගෙදරට ගිය                         වෙලාවේ
විමලේ ගල් මෝල ඇතුළේ                       පමාවේ
කවුදෝ කියනු ඇසුණේ                       වේදනාවේ

දුවගෙන ගියා උඹ බලන්ට මා                       හනික
පා දෙක පමණි තිබුණේ ගල් ගෙඩි             ගොඩක
උඹ දන්නේ නැතිද බං සරතේ                        මේක
සතර වටින් පැන නැගුණා මට                       නේක

උඹ මා අඹුව සමඟින් හාද වු                        හින්දා
උඹ දෙන්නා නිසා වින්දා මා                       නින්දා
ගල් මෝලත් මා එක්කා සිටි                       හින්දා
ආදර විමලේ උඹ නැසුණා මා                     හින්දා

ඔබ දන්නවාද ? ශිෂ්‍ය ගණිකා වෘත්තිය ගැන


ඔබ දන්නවාද ? ශිෂ්‍ය ගණිකා වෘත්තිය ගැන

බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල සිසුන් 20 කින් එක් අයෙකු ගණිකා වෘත්තියේ යෙදී සිටින බව ඔබ ඇසුවොත් එය පුදුමයට කරුණක් වනවා ඇත.මෙය පදනම් විරහිත ප‍්‍රකාශයක් නොවේ. බි‍්‍රතාන්‍යයේ ස්වැන්සී විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරු දෙදෙනෙක් කරන ලද පර්යේෂණයකට අනුව එරට විශ්වවිද්‍යාල සිසුන්  20 කින් එක් අයෙකු තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් සඳහා මුදල් සොයා ගන්නේ ගණිකා වෘත්තියේ යෙදීමෙනි.
මේ පිළිබඳ පර්යේෂණ කළ ටේ‍්‍රසි සාගා මහාචාර්යවරිය සහ ඩෙබී ජෝන්ස් නම් මහාචාර්යවරයා කෙල්ටන්හැම් උත්සව මාලාවේ (විද්‍යා උත්සව අවස්ථාවේ) දී මේ බව ප‍්‍රකාශ කර ඇත.
පර්යේෂකයින් සඳහන් කරන පරිදි බොහෝ දුරට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 20න් එකක් හෝ ඊට වැඩි පිරිසක් ජීවත් වීම සඳහා තම සිරුර විකිණීම පුරුද්දක් කරගෙන ඇත. එසේම සිසුන් 05 දෙනකුගෙන් එක් අයෙකු ලිංගික (කාම කර්මාන්තය)වෙළඳපොළ තුළ කටයුතු කරන බවත් මෙම රැකියාව, නැතහොත් මෙවැනි ක‍්‍රියාවන් මත්ද්‍රව්‍ය වෙළඳ සැලක සේවය කිරීමට සමාන බවත් පර්යේෂකයින් සඳහන් කරයි.
මෙම පර්යේෂණය අධ්‍යාපනික මට්ටමෙන් කරන ලද එකක් වන අතර ශිෂ්‍ය ලිංගික කි‍්‍රයාකාරකම් අධ්‍යයනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් මෙම කරුණු සොයාගෙන ඇත. ස්වැන්සී විශ්වවිද්‍යාලයේ සාගා මහාචාර්යවරිය ප‍්‍රකාශ කරන්නේ කිසියම් ලිංගික කි‍්‍රයාකාරකම් කරන අයෙකුගේ එම ක‍්‍රියාවන් ඔහුගේ හෝ ඇයගේ භෞතික ජීවිතයට බාධාවක් හෙවත් හානියක් සිදු නොකළද එවැනි අභියෝගාත්මක කි‍්‍රයාවන් සඳහා  කිසිවෙකු නොපෙළඹිය යුතු බවයි.
එසේම මත්ද්‍රව්‍ය අළෙවි කරන ස්ථානයක සේවය කිරීම සහ ගණිකා වෘත්තියේ නියැලීම අතර වෙනසක් තමා නොදකින බව ද මෙහිදී පරියේෂකයින් සඳහන් කර ඇත. මෙම අධ්‍යයනයේ දී විශ්වවිද්‍යාල සිසුන් 6773 දෙනෙක් යොදා ගෙන ඇති අතර මෙය සිදු කිරීම සඳහා වසර 03ක් ගතවී ඇත.
මෙහිදී ශිෂ්‍ය ගණිකා වෘත්තිය ශිෂ්‍යාවන්ට පමණක් සීමා වූ දෙයක් නොවන අතර ශිෂ්‍යයන් ද මෙයට ඇබ්බැහි වී සිටින බව හෙළි වී ඇත. hen parties (ගැහැණු පිරිමි දෙපක්ෂයම සහභාගී වන සාද)සඳහා පිරිමි සිසුන්ට ඇති ඉල්ලූම ඉහළ බවද මෙහිදී අනාවරණය විය. 
මෙලෙස අධ්‍යාපනය ලබන්නන් විසින් සිදු කරන ලිංගික කි‍්‍රයාකාරකම් ඔවුන්ට බරපතල නැතිනම් හානිදායක වූ දෙයක් ලෙස නොසිතුවද, විශ්වවිද්‍යාල තුළ මේවා වැළැක්වීම සඳහා ශික්ෂණ කි‍්‍රයාවලියක් හෝ ආරක්ෂාවන් යෙදීම හෝ කළ යුතු බව පර්යේෂකයෝ යෝජනා කරති.
 සාගා මහාචාර්යවරිය හමු වූ පොලිස් නිළධාරියෙක් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වයේ දී ඔවුන් කරන මෙම ලිංගික කි‍්‍රයාවන් තුළ එම සිසුන් සූරා කෑම,අයුතු ප‍්‍රයෝජන ගැනීම, ඔවුන් ශාරීරිකව හා මානසික අඩපණ කිරීම නැතිනම් වෙහෙසට පත් කිරීම, ආදිය සිදු වනවාද යන්න සොයා බලන්නේ නම් යහපත් බවය. එසේම මෙම දරුවන් දේශන සඳහා සහභාගි වන්නේ දැයි සොයා බලන ලෙසද ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් දෙමාපියන් සතුවද වගකීමක් ඇති බව සඳහන් කරන සාගා මහාචාර්යවරිය සඳහන් කරන්නේ තමාටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියක සිටින අතර මෙලෙස සිදුවන ලිංගික කි‍්‍රයාවලට විසදුම් සෙවීමට විශ්වවිද්‍යාලවල සහාය ද අවශ්‍ය බවයි. විශ්වවිද්‍යාල තම සිසුන් පිරිසගෙන් මෙවැනි ලිංගික කි‍්‍රයාකාරකම් සඳහා එක් වී ඇති සිසුන් හදුනාගත යුතු අතර ඔවුන් අපකීර්තියට පත් නොකිරිම ගැනද වගබලා ගත යුතු බවයි. එම ශිෂ්‍යන්ට අවශ්‍ය අවස්ථාවලදී උපකාර ලබා දීම ද මෙවැනි තත්වයන් මඟහරවා ගැනීමට උපකාරී වන බව ඇය සඳහන් කළාය.
නමුත් මෙම පර්යේෂණය පිළිබඳ අදහස් දැක්වූ බි‍්‍රතාන්‍ය දේශපාලන පක්ෂයක (කොන්සර්වෙටිව්) කාන්තාවක් සඳහන් කර තිබුණේ ගණිකා වෘත්තිය හා මත්ද්‍රව්‍ය වෙළඳසැලක සේවය කිරීම සන්සන්දනය කිරීම සාහසිික දෙයක් බවයි.එසේම එක්තරා බලපෑම් කණ්ඩායමක සාමාජිකාවක් වූ මාග‍්‍රට් මොරිසි ප‍්‍රකාශ කළේ දේශපාලන පක්ෂයේ කාන්තාව දැක්වූ මතයට විරුද්ධ මතයකි. ඇය සඳහන් කළේ එය විශ්වාස කළ නොහැකි හා වගකීම් රහිත ප‍්‍රකාශයක් බවයි. තම පෞද්ගලික මතය අනුව ගණිකා වෘත්තිය වැරදි බව තමාද පිළිගන්නා බවත් එවැනි දෙයක් රටක සම්මතයක් ලෙස පිළිගන්නේ කිහිප දෙනෙක් පමණක් බවත් ඇය සඳහන් කර ඇත.කෙසේ වෙතත් දෙමාපියන් තම දරුවන් පිළිබඳව සොයා බැලිය යුතු අතර මෙවැනි ලිංගික කි‍්‍රයාවන් වලදී සිසුන්ව බිය වැද්දීම් , ආතතියට ලක් කිරීම් ආදිය තරුණ දරුවන්ගේ අනාගතයට අභියෝගයක් විය හැකි බව ද ඇය සඳහන් කර ඇත. එසේම තමාටද අවුරුදු 18 ක දියණියක් සිටින අතර මෙම පර්යේෂණය දැකීමෙන් තමා කැළඹීමට පත් වූ බව ද ඇය සඳහන් කළාය .
කුමන රටක වුවද අනාගතය වන්නේ එම රටේ දරු පරපුරයි. රටේ අනාගතය හිස මත ගෙන යන්නන්ගේ අවකල් කි‍්‍රයාවන්  එම රටේ අනාගත අභිවෘද්ධියට අකුල් හෙලනු ඇත. මෙවැනි පර්යේෂණ නිසාවත් අධ්‍යාපනය ලබන දරුවන්ගේ  අවශ්‍යතාවලට කන් දී රටේ අනාගතය සාරවත් කිරීමට රටේ නියමුවන් කටයුතු කළ යුතුය.
කලනි සීතාංජලී

අපිට මොකද වුණේ

අපිට මොකද වුණේ

අපි හැමදාමත් අපේ තාරුණ්‍යය කොයිබටද අහනවා.ලියනවා.ඒකෙ ඇත්තක් තියෙනවා තමයි. ඒත් අපේ තාරුණ්‍යයට කරලා තියෙන්නේ මොකක්ද කියලා කවුරුත් හිතන්නෑ.හැම කෙනෙක්ම නැති දේවල් ගැන කතා කරනවා. ඒත් තියෙන දේවල් ගැන අවබෝධ කරගෙන ඒවායින් කරන්න පුළුවන් උපරිම දේ කරන්න අපි පුරුදු වෙලා නෑ.ඒක භෞතික ,අභෞතික කියලා වෙනසක් නෑ. මානව වුණත් ඒ දේ එහෙමමයි.
 ඕනම රටක අනාගතය තමයි දරුවෝ කියන්නේ. මේ දරුවන්ගේ අනාගතයට නිවැරදි මඟපෙන්වීමක් අවශ්‍යයි. සිසුන් හැමදාම පාරට බැහැලා. කෙනෙක් අහන්න පුළුවන් මේ අයට වෙන වැඩ නැද්ද, ඉගෙනගන්න ආවා නම් ඉගෙන ගන්න බැරිද කියලා.  සමාජය තේරුම්ගත යුතු සහ විසදිය යුතු ප‍්‍රශ්න ඔවුන්ටත් තියෙනවා. ඔවුන්ගේ තරුණ ජවය අපතේ යවන්න ඉඩ දිය යුතු නෑ.විදේශ රටක විශ්වවිද්‍යාල උපාධිය අවුරුදු 22 ක් 23 ක් වෙද්දි ඉවර කරන්න පුළුවන්. ඒත් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තමන්ගේ උපාධිය ඉවර කරන කොට වයස 26 ක් නැත්නම 27 ක් වෙලා. රටේ අභිවෘද්ධියට යොදාගන්න පුළුවන් තරුණ ජවය නිකන්ම අපතේ යවලා. රැකියා විරහිත උපාධිධාරීන් කොච්චර ඉන්නවාද?ආණ්ඩුවක් කිසිදු විටක උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දිය යුතුයි කියලා බැදිලා නැහැ. ඒත් රැකියා ලබා දීමට හැකියාව ඇත්නම් ලබා දෙන්න  ඕන. ඒ වගේම රැුකියා වෙළඳ පොලේ තරගකාරිත්වයට සුදුස්සෙක් බවට ඔහු පත් කරන්න  ඕන. මේ සඳහා වෘත්තීයමය ප‍්‍රායෝගික පුහුණුවක් අවශ්‍යයි.
ඒ වගේම තරුණයින්ගේ වැරදි පමණක් දැකීම වැරදියි. තරුණ දරුවන් කරන හොඳ දේකට මාධ්‍ය ආවරණය ලබා දෙන ප‍්‍රමාණයට වඩා වැරැුද්දක් පෙන්්වලා සතුටු වෙන්න මාධ්‍ය කැමතියි. විශේෂයෙන්ම විද්‍යූත් මාධ්‍යය. වැරැද්දක් වුණොත් මහ ලොකුවට ඒ ගැන කතා කරනවා. මොකක්ද අපිට මේ වෙලා තියෙන්නේ.  කාගෙන් හරි හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න නම් ඔවුන්ගේ හොඳ දේ අගය කළ යුතුයි. අපේ රටේ මාධ්‍යවල තියෙන අඩුපාඩුවක් තමයි ඔය. මාධ්‍ය තමයි සමාජය මෙහෙයවන්නේ මත සකසන්නේ. මාධ්‍යය ඉදිරිපත් කරන මතය තමයි මිනිසුන්ගේ ඔළු ගෙඩිවල තැන්පත් වෙන්නේ. අපි දැන්වත් මේක වෙනස් කල යුතුයි. තාරුණ්‍යය කොයිබටද කියලා අහන්න කලින් තාරුණ්‍යට මෙහෙම වුණේ ඇයි කියලා හේතු බීජ සොයන්න කාලය දැන් ඇවිත් තියෙනවා.

කලනි සීතාංජලී

මෙය ඔබ විශ්වාස නොකරාවි

මෙය ඔබ විශ්වාස නොකරාවි

 
රටක ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම අනුගමනය කරනු ලැබේ.ලොව විවිධ රටවල ආරක්ෂක හමුදා සංකිර්ණ කි‍්‍රයාත්මක වේ. නමුත් භූගත හමුදා සංකීර්ණයක් පිළිබඳව ඔබ අසා ඇත්ද? භූගත හමුදා සංකීර්ණයක දිවි ගෙවීම සැබවින්ම කෙබදුද? අප ඔබට කියන්නට යන්නේ එවැනි භූගත හමුදා සංකීර්ණයක් පිළිබඳවයි. මෙම හමුදා සංකීර්ණය භූගත(උමං* හමුදා සංකීර්ණයක් වන අතර Cheyenne Mountains නම් වන එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප‍්‍රාන්තයේය.
මෙය ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 142.4 ක් වැය කර ඇති අතර එය විවෘත කෙරුණේ 1967 පෙබරවාරි මස 06 වැනිදාය. මෙතරම් විශාල මුදලක් වැය කර මෙවැනි සංකීර්ණයක් නිර්මාණය කිරීමට සැබවින්ම හේතු වූයේ රටේ ආරක්ෂාවයි. NORAD යුද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගැනීම සඳහා මුලින් මෙය නිර්මාණය කර ඇති අතර නූතනයේ දී මෙහි ඇමරිකානු හා කැනඩා යුද්ධ  භටයින් 350 ක් පමණ සේවයේ යෙදී සිටිති. මෙය නිර්මාණය කිරීමෙන් අනතුරුව ද මෙහි තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඉදිකිරීම් ශිල්පීන් අමතක කර නැත. හමුදා සංකීර්ණය විශේෂ වන්නේ එය භූගතව පිහිටා තිබීම පමණක් නොවේ. එහි තාක්ෂණය ද එම සුවිශේෂීත්වයට සාක්ෂ්‍ය  දරයි.
මෙහි දොරවල් හයිඩ්‍රොලික් තාක්ෂණය මගින් ක‍්‍රියා කරන අතර යම් ප‍්‍රහාරයක දී මෙම විවෘතව ඇති දොරවල් සියල්ල තත්පර 20 ක් වැනි කෙටි කාලයක දී වැසී යාම ද විශේෂත්වයකි. ඒවා මිනිස් අතින් වැසිමට තත්පර 40 ක පමණ කාලයක් ගත වේ. මෙම දොරවල් වසර 50 ක පමණ කාලයක සිට කි‍්‍රයාත්මක වන අතර ඒවායින් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රහාරයක දි පුපුරා ගොස් තිබුණ ද  අද වන විට ඒවා නැවත පිළිසකර කර ඇති ආකාරය ද දැකගත හැකිය.  

ඇමරිකානු භූමියෙන් අඩි 2000ක් පමණ පතුලට වන්නට මෙම හමුදා සංකීර්ණය පිහිටා ඇත.මෙලෙස භූගත හමුදා සංකීර්ණයක් තුළ ස`ගවා ඇත්තේ මොනවාදැයි  නිසැකවම ඔබට සැකයක් මතු වනු ඇත. ඒ ඇමරිකානු අධි ආරක්ෂිත රහස් තොරතුරු හා දත්ත මධ්‍යස්ථානයයි.මෙය ඉතා විශාල  භූගත බලකොටුවකි. මෙය NORAD හා ONSORTCOM යන ප‍්‍රධාන මූලස්ථාන දෙකට නුදුරින් පිහිටා ඇත.
කලින් සඳහන් කළ පරිදි මෙම සංකීර්ණය තුළ 350 ක පමණ පිරිසක් සේවයේ යෙදි  සිටින අතර මෙයින් 170 දෙනෙකු පමණ මෙතුළම රාති‍්‍රය ගත කරති. මේ අතර පිරිමින් මෙන්ම ගැහැනුන් ද සිටියි.
මෙම ක්‍යැහැබබැ පදමබඒසබි භූගත හමුදා සංකීර්ණයේ සැලසුම 1950 ට පෙර සැකසුණු අතර සීතල යුද්ධයෙන් ආරක්ෂා වීම සඳහා උපාය මාර්ගයක් ලෙසින් ද, සෝවියට් බෝම්බකරුවන්ට විරුද්ධව කි‍්‍රයා කළ හැකි ස්ථානයක් ලෙසින් ද යොදා ගත හැකි ලෙස නිර්මාණය කරන ලදී. රහස් තොරතුරු රැුස් කරගත හැකි ආකාරයේ මනා වූ ස්ථානයක පිහිටා තිබීම ද ආරක්ෂාකාරී පරිසරය ද මෙහි කාර්යය සාර්ථක කරගැනීම සඳහා උපකාරී වි ඇත. මෙය කදු වළල්ලකින් වටවී තිබීම ආදී ආරක්ෂිත කරුණු ද මෙය මෙම ස්ථානයේ ම ඉදි කිරීම සඳහා හේතු වන්නට ඇත.
ආරම්භයේ දී මෙය වෙනත් නමකින් හැඳින්වූව ද පසුව එය Cheyenne Mountains ගුවන් හමුදා මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදී . සැටලයිට් හා භූගත සංවේදක ම`ගින් දත්ත හා තොරතුරු ලබා ගැනීමත් රාජ්‍ය ආරක්ෂක ආඥා මත එම තොරතුරු විසුරුවා හැරීමත් මෙම`ගින් ප‍්‍රධාන වශයෙන් සිදු කෙරේ. ඇමරිකා එක්සත් ජනපදයට උතුරින් ලැබෙන ආඥා සහ ඇමරිකා එක්සත් ජනපදය සඳහා නිකුත් කරන යුද්ධෝපාය පිළිබඳ  වූ ආඥා ගුවන් හමුදා නිළධාරියෙකු විසින් වාර්තා කළ විටකදී පමණක් විසුරුවා හැරීමට මෙයට බලය ඇත.
මෙම සංකීර්ණයේ ජේ්‍යෂ්ඨ ගුවන් නිළධාරියා වන්නේ රිකාඩෝ කොලී ය. ඔහු මෙම Cheyenne Mountain සංකීර්ණයේ උතුරු ගේට්ටුව මුර සංචාරයේ නිරත වේ. මෙම හමුදා සංකීර්ණයට ලැබෙන තොරතුරු පිළිබඳ කිසිවිටෙකත් සැකයක් ඇති කර නොගත යුතු අතර සියළු තොරතුරු සඳහා මනා ආරක්ෂාවක් මෙම මධ්‍යස්ථානය විසින් ලබා දේ .
කිසියම් පුද්ගලයෙකු මෙම සංකීර්ණයට ඇතුල් වන්නේ නම් ආරක්ෂක පරීක්ෂණ දෙකක් සඳහා යොමුවීමට සිදුවේ.මෙහිදී පස් කදු හරහා සැතපුම් කිහිපයක් යා යුතු අතර යම් පිපිරීමක් පිටත සිදු වුවහොත් තරංග ම`ගින් දුම් නළයක් හරහා ආරක්ෂක ප‍්‍රවේශයට එය විවර වේ . සංකීර්ණයට ඇතුල් වන ස්ථානය එම`ගින්ම ආරක්ෂිත ලෙස සැකසීම තිබීම ද විශේෂත්වයකි.  සංකීර්ණයට ඇතුල් වන ස්ථානය සාමාන්‍ය කාර්යාලයක දොරක් ලෙසින් සකසා තිබුණද එය බහු මාර්ග වෙත යොමුවේ. ඒවාට ද ඇතුළු විය හැක්කේ විශේෂ අවසරයක් මතය. ක්‍යැහැබබැ පදමබඒසබ හි කටාරම් කැටයම් සහිතව සාදා ඇති අතර එම`ගින් බීමට සීතල ජලය ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. වසර කීපයකට පසු මෙහි ඉදිකිරීම්වල නියැලී සිටි  පුද්ගලයෙකු විසින් දිය උල්පත් හඳුනාගෙන ඇත. මෙම`ගින් කිලෝවොට් 5000 ක විදුලි ධාරිතාවක් නිපැයිය හැකි අතර එය නිවාස රැුසක් සඳහා ප‍්‍රමාණවත් ද වේ.
හමුදා සංකීර්ණයේ පිටත ආකෘතියට හෙලිකොප්ටර් තොටුපළක් ,වෙඩි තැබීමේ තොටුපළක් ආදිය ඇතුළත් වන අතර පිටත සිදුකළ ඉඳිකිරීම් අතර විනෝද ස්ථාන පැසිපන්දු ක‍්‍රීඩා පිටි  හා තවත් ක‍්‍රීඩාංගණ ඇතුළු පහසුකම් රැුසක් වේ. මෙම සංකීර්ණයේ ආඥා හා පාලන මැදිරි තුළ විශාල ප‍්‍රත්‍යාවර්ත (මාරුවෙන් මාරුවට ඇති *තිර දෙකක් කි‍්‍රයාත්මක වේ. වමෙහි ගුවන් යානා සලකුණු දිස්වන තිරයක්ද දකුණෙහි වොෂිංටන් ඞී. සී ප‍්‍රදේශය එනම් විශේෂ ගුවන් යානා සීමා ප‍්‍රදේශය දැක්වේ.
 ඇලෙක්ස් ග‍්‍රැවිරියා හා සාරා  දෙදෙනා මෙහි ජේ්‍යෂ්ඨ පද්ධති පාලන කි‍්‍රයාකරුවන් වන අතර එම දෙදෙනා මෙහි සන්නිවේදන ක‍්‍රියාවලිය ද මනාව පවත්වාගෙන යයි.

සෑම කාර්යයක්ම සමබරව පවත්වා ගනිමින් වසර ගණනක් තිස්සේ ඇමරිකානු ආරක්ෂාවට උපකාර වන  Cheyenne Mountains සැබවින්ම විශිෂ්ට නිර්මාණයකි.

කලනි සීතාංජලී