Thursday, July 21, 2016

උඹයි මමයි

               උඹයි මමයි

විමලේ

ගල් මෝලේ විමලේ අපි                          හැමදාම
වැඩට ගියපු හැටි මතකයි මට                        තාම
එකම සුරුට්ටුව දෙන්නා                          ඉරුවාම
ඇගපත විඩා කොයි ගියෙදෝ             නොකියාම

ඉස්කෝලෙදි ගුටි කෑවේ මා                         හින්දා
බනිස් හොරා නම ලැබුවේ මා                      හින්දා
බඩගින්දරේ මා තබනට බැරි                        හින්දා
විමලේ උඹයි වින්දේ සැමදා                        නින්දා

කෑවත් වේවැලෙන් ගුටි උඹ                       හැමදාම
දෙදෙනා හුන්නෙ නොබිදුණු මිතුරන්            සේම
ගල් මෝලේ වැඩ කර ආ                           මුල් දාම
ලැබුණේ තෑගි පඩුරට උඹගෙන්                      සරම 

කැන්දාගෙන ආ දවසේ මගෙ                         ගෑනී
සුදුවා දුන්නේ උඹ කාටත්                   සන්තොසිනී
අද උඹ නැතිව ගල් මෝලේ හඬ                 මැකුණී
වරදද උනේ මා අත මා තව                        නොදනී

ගල් මෝලේ වැඩ නිම වූ                          සැදෑවේ
තනියම  මා ගෙදරට ගිය                         වෙලාවේ
විමලේ ගල් මෝල ඇතුළේ                       පමාවේ
කවුදෝ කියනු ඇසුණේ                       වේදනාවේ

දුවගෙන ගියා උඹ බලන්ට මා                       හනික
පා දෙක පමණි තිබුණේ ගල් ගෙඩි             ගොඩක
උඹ දන්නේ නැතිද බං සරතේ                        මේක
සතර වටින් පැන නැගුණා මට                       නේක

උඹ මා අඹුව සමඟින් හාද වු                        හින්දා
උඹ දෙන්නා නිසා වින්දා මා                       නින්දා
ගල් මෝලත් මා එක්කා සිටි                       හින්දා
ආදර විමලේ උඹ නැසුණා මා                     හින්දා

6 comments: