Tuesday, August 2, 2016

මව්පිය ආදරය ෂෙයා විම

මව්පිය ආදරය ෂෙයා විම 

මව්වරන්ගේ දිනයට පියවරැන්ගේ දිනයට අම්මට ආදරේ අය ෂෙයා කරන්න, තාත්තට ආදරේ අය ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේ පෝස්ට් ඕන තරම් මුහුණු පොතේ දැකගන්න පුලුවන්. එතකොට අම්මට ආදරේ අය ඒක ෂෙයා කරනවා ඇති. ඒ ගැන හැගීම්බර අයත් ෂෙයා කරනවා ඇති. මං කතා කරන්නේ ඒ ෂෙයා කිරීම නැත්නම් කමෙන්ට් කිරිම වැරදියි කියන එක ගැන නමේ. ඒත් ඇත්තටම අම්මට තාත්තට ආදරේ කරන්නේ ඔයා අම්මට තාත්තට ආදරෙයි කියලා කියන්නේ  ඒ පොස්ටුව ෂෙයා කරලද? 

නැත‍්නම් ඒකට කමෙන්ට් කරලද ? ඒ ආදරේ දකින්න ඔයාගේ අම්ම මුහුණු පොතේ ඉන්නවද අපි අපේ දෙමව්පියන්ට ආදරේ කරන්නේ කාටවත් පේන්නද? අපේ අම්මා තාත්තා අපිටත් ආදරේ කමෙන්ට් කරලා ෂෙයා කළා නම් අද අපිට මොකද වෙන්නේ? ඔබ ෂෙයා කරන පෝස්ටුව දකික්න අම්මට වෙලාවක් තියෙයිද? ඒක අම්මට පේන්නෙත් නැත්නම් කාටද අපි ඒ ආදරේ පෙන්වන්නේ? ආදරේ ෂෙයා කරන්න පුලුවන්ද? දරැවන්ගේ වැඩ කරලා කරලාම නිමාවෙන ඇගේ දවසේ ඕකට වෙලාවක් තියෙනවද අනික ශ්‍රී ලාංකීය සංස්කෘතිකගත අම්මා අපි දකින විදියත් එක්ක අම්මට ඔයා ඔය ෂෙයා කරන පෝස්ටුව දක්නන ඇති ඉඩකඩ කොච්චර අඩුද

අනිත් කෙනා ඒ වගේ පෝස්ටුවක් දාලා තිබ්න පලියට ඔයත් එහෙමයි කියලා පෙන්වන්න තියෙන උවමනාවට නෙමෙයිද ම්නිස්සු ඔය වගේ දේවල් ෂෙයා කරන්නේ. ආදරේ කියන්නේ මානුෂීය හැගීමක්. මින්ස්සු අන්ධානුකරණයට ඇයි මේ තරමටම කැමති. සමහර විට ඔබ ඒ  පෝස්ටුව ෂෙයා කරන කොට ඔබේ අම්මා ඔබ වෙනුවෙන් මහන්සි වෙලා  වැඩ කරනවා ඇති. ඔබේ තාත්තා කුලී වැඩ කරනවා ඇති. නැත්නම් ඒවෙලාවේ ඔබේ තාත්තා කුඹුරේ වෙන්න ඇති. අම්මට ආදරේ පෙන්වන්න ඒ වලාවෙදි ඇගේ වැඩට නැත්නම් තාත්තාගේ වැඩට උදව් උනානම් ඔබ ඔය ෂෙයා කරපු පෝස්ටුවේ ඇත්තම ආදරේ ඔබ අවශ්‍ය උත්තමයන්ට පෙන්වලා ඉවරයි නේද අනත් අතට මෙහෙම වෙන්නත් පුලුවන්. අම්මලා තාත්තලා දැකගන්න බැරි තරම් දුරක ඔබ ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ පෝස්ටුව දැකක් ගමන් ඒක ෂෙයා කරන්න කලින් ඔයා එක පාරක් ඔයාගේ අම්මට තාත්තට කෝල් එකක්වත් දීලා බැලුවද?මම කියන්නෑ  මේ වගේ පෝස්ටු ෂෙයා කරන්න එපා ඒක වැරදියි කියලා. ඒත් හිතලා බලන්න. ඇත්තටම අම්මට තාත්තට ආදරේ පෙන්වන එකයි ලෝකෙට එහෙමයි කියලා පෙන්වන එකයි දෙකක් නේද?

No comments:

Post a Comment