Thursday, July 21, 2016

මෙය ඔබ විශ්වාස නොකරාවි

මෙය ඔබ විශ්වාස නොකරාවි

 
රටක ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම අනුගමනය කරනු ලැබේ.ලොව විවිධ රටවල ආරක්ෂක හමුදා සංකිර්ණ කි‍්‍රයාත්මක වේ. නමුත් භූගත හමුදා සංකීර්ණයක් පිළිබඳව ඔබ අසා ඇත්ද? භූගත හමුදා සංකීර්ණයක දිවි ගෙවීම සැබවින්ම කෙබදුද? අප ඔබට කියන්නට යන්නේ එවැනි භූගත හමුදා සංකීර්ණයක් පිළිබඳවයි. මෙම හමුදා සංකීර්ණය භූගත(උමං* හමුදා සංකීර්ණයක් වන අතර Cheyenne Mountains නම් වන එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප‍්‍රාන්තයේය.
මෙය ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 142.4 ක් වැය කර ඇති අතර එය විවෘත කෙරුණේ 1967 පෙබරවාරි මස 06 වැනිදාය. මෙතරම් විශාල මුදලක් වැය කර මෙවැනි සංකීර්ණයක් නිර්මාණය කිරීමට සැබවින්ම හේතු වූයේ රටේ ආරක්ෂාවයි. NORAD යුද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගැනීම සඳහා මුලින් මෙය නිර්මාණය කර ඇති අතර නූතනයේ දී මෙහි ඇමරිකානු හා කැනඩා යුද්ධ  භටයින් 350 ක් පමණ සේවයේ යෙදී සිටිති. මෙය නිර්මාණය කිරීමෙන් අනතුරුව ද මෙහි තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඉදිකිරීම් ශිල්පීන් අමතක කර නැත. හමුදා සංකීර්ණය විශේෂ වන්නේ එය භූගතව පිහිටා තිබීම පමණක් නොවේ. එහි තාක්ෂණය ද එම සුවිශේෂීත්වයට සාක්ෂ්‍ය  දරයි.
මෙහි දොරවල් හයිඩ්‍රොලික් තාක්ෂණය මගින් ක‍්‍රියා කරන අතර යම් ප‍්‍රහාරයක දී මෙම විවෘතව ඇති දොරවල් සියල්ල තත්පර 20 ක් වැනි කෙටි කාලයක දී වැසී යාම ද විශේෂත්වයකි. ඒවා මිනිස් අතින් වැසිමට තත්පර 40 ක පමණ කාලයක් ගත වේ. මෙම දොරවල් වසර 50 ක පමණ කාලයක සිට කි‍්‍රයාත්මක වන අතර ඒවායින් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රහාරයක දි පුපුරා ගොස් තිබුණ ද  අද වන විට ඒවා නැවත පිළිසකර කර ඇති ආකාරය ද දැකගත හැකිය.  

ඇමරිකානු භූමියෙන් අඩි 2000ක් පමණ පතුලට වන්නට මෙම හමුදා සංකීර්ණය පිහිටා ඇත.මෙලෙස භූගත හමුදා සංකීර්ණයක් තුළ ස`ගවා ඇත්තේ මොනවාදැයි  නිසැකවම ඔබට සැකයක් මතු වනු ඇත. ඒ ඇමරිකානු අධි ආරක්ෂිත රහස් තොරතුරු හා දත්ත මධ්‍යස්ථානයයි.මෙය ඉතා විශාල  භූගත බලකොටුවකි. මෙය NORAD හා ONSORTCOM යන ප‍්‍රධාන මූලස්ථාන දෙකට නුදුරින් පිහිටා ඇත.
කලින් සඳහන් කළ පරිදි මෙම සංකීර්ණය තුළ 350 ක පමණ පිරිසක් සේවයේ යෙදි  සිටින අතර මෙයින් 170 දෙනෙකු පමණ මෙතුළම රාති‍්‍රය ගත කරති. මේ අතර පිරිමින් මෙන්ම ගැහැනුන් ද සිටියි.
මෙම ක්‍යැහැබබැ පදමබඒසබි භූගත හමුදා සංකීර්ණයේ සැලසුම 1950 ට පෙර සැකසුණු අතර සීතල යුද්ධයෙන් ආරක්ෂා වීම සඳහා උපාය මාර්ගයක් ලෙසින් ද, සෝවියට් බෝම්බකරුවන්ට විරුද්ධව කි‍්‍රයා කළ හැකි ස්ථානයක් ලෙසින් ද යොදා ගත හැකි ලෙස නිර්මාණය කරන ලදී. රහස් තොරතුරු රැුස් කරගත හැකි ආකාරයේ මනා වූ ස්ථානයක පිහිටා තිබීම ද ආරක්ෂාකාරී පරිසරය ද මෙහි කාර්යය සාර්ථක කරගැනීම සඳහා උපකාරී වි ඇත. මෙය කදු වළල්ලකින් වටවී තිබීම ආදී ආරක්ෂිත කරුණු ද මෙය මෙම ස්ථානයේ ම ඉදි කිරීම සඳහා හේතු වන්නට ඇත.
ආරම්භයේ දී මෙය වෙනත් නමකින් හැඳින්වූව ද පසුව එය Cheyenne Mountains ගුවන් හමුදා මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදී . සැටලයිට් හා භූගත සංවේදක ම`ගින් දත්ත හා තොරතුරු ලබා ගැනීමත් රාජ්‍ය ආරක්ෂක ආඥා මත එම තොරතුරු විසුරුවා හැරීමත් මෙම`ගින් ප‍්‍රධාන වශයෙන් සිදු කෙරේ. ඇමරිකා එක්සත් ජනපදයට උතුරින් ලැබෙන ආඥා සහ ඇමරිකා එක්සත් ජනපදය සඳහා නිකුත් කරන යුද්ධෝපාය පිළිබඳ  වූ ආඥා ගුවන් හමුදා නිළධාරියෙකු විසින් වාර්තා කළ විටකදී පමණක් විසුරුවා හැරීමට මෙයට බලය ඇත.
මෙම සංකීර්ණයේ ජේ්‍යෂ්ඨ ගුවන් නිළධාරියා වන්නේ රිකාඩෝ කොලී ය. ඔහු මෙම Cheyenne Mountain සංකීර්ණයේ උතුරු ගේට්ටුව මුර සංචාරයේ නිරත වේ. මෙම හමුදා සංකීර්ණයට ලැබෙන තොරතුරු පිළිබඳ කිසිවිටෙකත් සැකයක් ඇති කර නොගත යුතු අතර සියළු තොරතුරු සඳහා මනා ආරක්ෂාවක් මෙම මධ්‍යස්ථානය විසින් ලබා දේ .
කිසියම් පුද්ගලයෙකු මෙම සංකීර්ණයට ඇතුල් වන්නේ නම් ආරක්ෂක පරීක්ෂණ දෙකක් සඳහා යොමුවීමට සිදුවේ.මෙහිදී පස් කදු හරහා සැතපුම් කිහිපයක් යා යුතු අතර යම් පිපිරීමක් පිටත සිදු වුවහොත් තරංග ම`ගින් දුම් නළයක් හරහා ආරක්ෂක ප‍්‍රවේශයට එය විවර වේ . සංකීර්ණයට ඇතුල් වන ස්ථානය එම`ගින්ම ආරක්ෂිත ලෙස සැකසීම තිබීම ද විශේෂත්වයකි.  සංකීර්ණයට ඇතුල් වන ස්ථානය සාමාන්‍ය කාර්යාලයක දොරක් ලෙසින් සකසා තිබුණද එය බහු මාර්ග වෙත යොමුවේ. ඒවාට ද ඇතුළු විය හැක්කේ විශේෂ අවසරයක් මතය. ක්‍යැහැබබැ පදමබඒසබ හි කටාරම් කැටයම් සහිතව සාදා ඇති අතර එම`ගින් බීමට සීතල ජලය ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. වසර කීපයකට පසු මෙහි ඉදිකිරීම්වල නියැලී සිටි  පුද්ගලයෙකු විසින් දිය උල්පත් හඳුනාගෙන ඇත. මෙම`ගින් කිලෝවොට් 5000 ක විදුලි ධාරිතාවක් නිපැයිය හැකි අතර එය නිවාස රැුසක් සඳහා ප‍්‍රමාණවත් ද වේ.
හමුදා සංකීර්ණයේ පිටත ආකෘතියට හෙලිකොප්ටර් තොටුපළක් ,වෙඩි තැබීමේ තොටුපළක් ආදිය ඇතුළත් වන අතර පිටත සිදුකළ ඉඳිකිරීම් අතර විනෝද ස්ථාන පැසිපන්දු ක‍්‍රීඩා පිටි  හා තවත් ක‍්‍රීඩාංගණ ඇතුළු පහසුකම් රැුසක් වේ. මෙම සංකීර්ණයේ ආඥා හා පාලන මැදිරි තුළ විශාල ප‍්‍රත්‍යාවර්ත (මාරුවෙන් මාරුවට ඇති *තිර දෙකක් කි‍්‍රයාත්මක වේ. වමෙහි ගුවන් යානා සලකුණු දිස්වන තිරයක්ද දකුණෙහි වොෂිංටන් ඞී. සී ප‍්‍රදේශය එනම් විශේෂ ගුවන් යානා සීමා ප‍්‍රදේශය දැක්වේ.
 ඇලෙක්ස් ග‍්‍රැවිරියා හා සාරා  දෙදෙනා මෙහි ජේ්‍යෂ්ඨ පද්ධති පාලන කි‍්‍රයාකරුවන් වන අතර එම දෙදෙනා මෙහි සන්නිවේදන ක‍්‍රියාවලිය ද මනාව පවත්වාගෙන යයි.

සෑම කාර්යයක්ම සමබරව පවත්වා ගනිමින් වසර ගණනක් තිස්සේ ඇමරිකානු ආරක්ෂාවට උපකාර වන  Cheyenne Mountains සැබවින්ම විශිෂ්ට නිර්මාණයකි.

කලනි සීතාංජලී


No comments:

Post a Comment