Saturday, July 30, 2016

තල තෙලට වේලේ මී බෙටි කුමට වේලේ

පෙළපාලි


මිනිසා දේශපාලන සත්ත්වයෙකි. දේශපාලනයෙන් තොරව මිනිසාට දිවි ගෙවිය නොහැකිය. මා ද මනුෂ්‍යෙයකි. එම නිසා මටද දේශපාලනය ගැන කතා කිරීමටවත් අයිතියක් ඇත. අපේ රටේ ජනතාව තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට එකම විසදුම සේ සලකන්නේ ඉල්ලා ගත නොහැකි වූ තැන පෙළපාළි යෑමය. ඇතැමෙක් අයිතිවාසිකම් ඉල්ලමින් පෙළපාලි යති. ඇතැමෙක් දේශපාලන වාසි තකා පෙළපාලි යති. නමුත් අප රටේ බහුතර ජනයා මෙම පෙළපාලිවලට එක් වන්නේ සැබවින්ම තම අයිතිවාසිකම් හෝ දේශපාලන මතය පෙරදැරි කරගෙනද යන්න ගැටලුවකි. 

මා මේ කතා කරන්නේ ආණ්ඩු පෙරළීමට මෑතකදි ගිය පෙළපාලිය පිළිබදවය . මේ පෙළපාලියේ ද විශාල ජන සංඛ්‍යාවක් පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කළ ආකාරයෙන් දැකගත හැකි විය. මේ ජනතාව පැමිණියේ සැබවින්ම තම දේශපාලන අරමුණ ඉටු කර ගැනිමටම ද නැද්ද යන්න කතා නොකර සිටීම හොදය. මන්ද ඒ පිළිබද ඕනවටත් වඩා අත්දැකිම් අප සතුව ඇති නිසාය. කුමන අරමුණක් වෙනුවෙන් වුවද ගව් ගණන් දුර පයින් ඇවිද යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. කෙසේ නමුත් මෙයට සහභාගී වූ ලොකු උදවිය නම් විඩාව මග හරවා ගැනීමටත් සතුට සැමරීමටත් මධුවිත පානය කළ බව පැතිරැණු ආරංචියකි. මේ අප රටේ දේශපාලන සංස්කෘතියේ අධම බවයි. ආණඩු පෙරළන්නට අවැසි අයට දැන් පයින් යෑමටද අපහසුය.නමුත් එයට සහාය පළ කරමින් ගිය මහජනයා ගියේ පයින්ය. කවුරැ කොහොම කිව්වත් කොතනත් වෙන්නේ ඔය ටිකය. කියන්නට වෙන්නේ මේකය. තල තෙලට වේලේ මී බෙටි කුමට වේලේ කියාය. ඒකෙසේ වුවත් එැමදාම ‍ෙව්ලෙන්නේ මි බෙටිය. ඒ අපේ නායකයන් ලබා දෙන ආදර්ශයයි. අනෙක් නායකයන් ද මීට දෙවැනි වන්නේ නැත. දෙපක්ෂයට මාරු වෙවි සිටිනවා හැර වෙනත් විකල්පයකට ජනතාව ද යොමු වන්නේ නැත. ඒ පොරොන්දු දේශපාලනයට ජනතාව හුරැ වී ඇති නිසාය. ඔය කුමන පාළීය ගියත් රට ලබා ගත් පසු ඔය උදවිය යන්නේ දහඅට පාළියත් නටා බව නම් මට තේරෙන කරුණයි.

No comments:

Post a Comment