Monday, July 25, 2016

ඔයත් තනි වෙලාද

ළග සිටින්නන් ඈත් කරන

ඈත සිටින්නන් ළං කරන
ඔබ හුදෙකලා කරන  ජංගම දුරකථන

සන්නිවේදනය හුදු මානව අවශ්‍යතාවක්. සන්නිවේදනයෙන් තොරව කිසිවෙකුට ජීවත් වන්නට අපහසුයි. සතුන් අතර පවා සන්නිවේදනය පවතින්නේ ඒ නිසා. හුදෙකලාව දිවි ගෙවීමට මිනිසාට අපහසුයි. ඒ විතරක් නෙවේ. නූතන තොරතුරු ලෝකයේ තොරතුරුවලින් වියුක්තව දිවි ගෙවන්නටත් මිනිසාට හැකියාවක් නැහැ.මොකද මිනිසා සමාජීය සත්ත්වයෙක්.
තොරතුරු දැන ගැනීමේ සහ හුවමාරු කිරීමේ ප‍්‍රධානම මෙවලමක් විදියට ජංගම දුරකථනය හ`දුන්වන්න පුළුවන්. අපේ රටේ නම් ජනගහනයට අධික ප‍්‍රමාණයක් ජංගම දුරකථන තිබෙන බව බව ඔබ දන්නවා ඇති. ජංගම දුරකථනය සමාජගත වන්නට කලින් , තොරතුරු මූලාශ‍්‍ර විදියට ප‍්‍රධාන ස්ථානයක් ගත්තේ පුවත්පත. ඊට පසුව රේඩියෝව සහ රූපවාහිනිය එක් වුණා.  දුරකථනයේ සමාජගත වීම මේ සියල්ලටම පසුව සිදු වුනත් නුතනයේ නැතිවම බැරි සුවිශේෂී මෙවලමක් විදියට ජංගම දුරකථනය හ`දුන්වන්න පුළුවන්. මෙයට ප‍්‍රධානම හේතුව ජංගම දුරකථනයක ඇති පහසුකම් ප‍්‍රමාණය. නූතන ජංගම දුරකථනයක රේ්ඩියෝව, රූපවාහිනිය විතරක් නෙවෙයි අන්තර්ජාල පහසුකම් පවා තියෙනවා.හරියට විශ්වයට තමන්ගේ අතේ වගේ. මේ නිසා අමුතුවෙන් මෙම උපාංග මිළදී ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ආර්ථික ප‍්‍රවේශයෙන් මෙය වාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකථන නිසා ඔබ හුදෙකලා වෙලා කියලා ඔබ නොසිතන්නට ඇති.
ජංගම දුරකථනය  නිසා නූතන තරුණ පරපුර වල්මත් වෙලා. අයෙක් අනතුරකට පත් වුණත් ඔවුන් යුහුසුළු වන්නේ අදාළ පුද්ගලයා බේරා ගන්න නොවෙයි. ඡුායාරූප ගන්න. නැතිනම් වීඩියෝගත කරන්න. මහපාරේ ඇවිද ගියත් බස් රථයක ගමන් කළත් ඔවුන් ජීවත් වන්නේ ජංගම දුරකථනය එක්ක. ඉයර්ෆෝන් කනේ ගහ ගෙන නැත්නම් මුහුණු පොතේ ගත කරමින්.මේක අදවන විට විලාසිතාවක් බවට පත් වෙලා.අද බොහෝ තරුණ තරුණියන්ට තමා ළ`ග සිටින අයගේ මුහුණ බලන්නවත් වෙලාවක් නෑ. ඒකට උවමනාවකුත් නැහැ. අතිතයේ මින්ස්සු ළ`ග තිබුණ සාමූහික බව නැති වෙලා ගිහින්. ඉස්සර අපි විනෝද චාරිකාවක් යන්නේ හැමෝම එකතු වෙලා විනෝද වෙන්න. කාර්යබහුලත්වයෙන් මිදෙන්න. ඒත් දැන් ඒ අරමුණු වෙනස් වෙලා .අපේ තරුණ පරපුර කොහේ හරි යන්නේ ඡුායාරූප අරන් ඒව මුහුණු පොතට එකතු කරන්න.
ඔබ කියන්න පුළුවන් ජංගම දුරකථන නිසා ගොඩක් ඈත ඉන්න අය ළං කරනවා කියලා. ඒක බොරුවක් නෙමේ. නමුත් අපේ සමීපතමයින් අපට ම`ග හැරිලා නේද. අපේ ළ`ග ඉන්න අයට අපි අවශ්‍ය මොහොතක අපි ඔවුන්ගෙන් ඈත් වෙනවා.හැම මොහොතකම අපි ජංගම දුරකථනත් එක්ක හුදෙකලා වෙනවා. මෙහෙම ගියොත් මානව සමාජ බැදීම්වලට මොකද වෙන්නේ. තාක්ෂණය නරක නෑ.ඒත් ඔබ ඒවත් එක්ක හුදෙකලා වෙන්න එපා. ඒ විතරක් නෙමේ. ඔබේ සමීපතමයින් හුදෙකලා කරන්නත් එපා.ඒක ඔබ ඔබට පමණක් නෙමෙයි සමාජ මානව ධර්මතා වගේම සමාජ ප‍්‍රගමනයටත් කරන විශාල මෙහෙවරක්.



කලනි සීතාංජලී

No comments:

Post a Comment