Monday, August 8, 2016

වෙනස් වෙන්න

වෙනස් වෙන්න

ඔබ බුද්ධිමත් දැයි මම නොඅසමි. ඔබ බුද්ධිමත් නම් තවදුරටත් කඩේ යෑම නතර කළ යුතුය. වසර ගණනක් තිස්සේ කඩේ යෑම අපට හුරැ පුරැදුය. මන්ද අප තවමත් පාට අනුව කතිරේ ගසන රටක වෙසෙන නිසාවෙනි. ඔබේ පියා නිල් හෝ කොළ හෝ රතු වූ පමණින්  ඔබත් පාට අනුව ඡන්දය දිය යුතුය යන ව්‍යාජ සංකල්පය වසර ගණනක සිටම කර පින්නාගෙන සිටින රටක් වීම නිසාම වසර ගණනක් තිස්සේ අපට අහිමි වූ දෑ බොහෝය.පෙළපාලිවල දහඅට පාළි නටමින් කෑ මොර දීමේ දේශපාලන සංස්කෘතිය තවමත් වෙනස් වී නැත්තේ මේ නිසාය . අප ආරෝපණය විය යුත්තේ පක්ෂයකට, පාටකට හෝ පෞරැෂත්වයකට නොවේ. ප්‍රතිපත්තිවල ගුණාත්මක භාවයටය. නමුත් අපි තවමත් දේශපාලනය දෙස බලන්නේ  පාට කණ්ණාඩි දමාගෙන වීම කනගාටුදායක කරැණකි.අප දැන්වත් වෙනස් විය යුතුය. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුය.පරම්පරානුගතව හෝ දේශපාලන පක්ෂ අනුව මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ඡන්ද බලය භාවිත කර  නුසුදුසු පුද්ගලයින් අප නියෝජනය සදහා පත් කර ගැනිම අනුවණ ක්‍රියාවක් බව දැන්වත් වටහා ගත යුතුය. 


No comments:

Post a Comment