අපිට මොකද වුණේ
අපි හැමදාමත් අපේ තාරුණ්‍යය කොයිබටද අහනවා.ලියනවා.ඒකෙ ඇත්තක් තියෙනවා තමයි. ඒත් අපේ තාරුණ්‍යයට කරලා තියෙන්නේ මොකක්ද කියලා කවුරුත් හිතන්නෑ.හැම කෙනෙක්ම නැති දේවල් ගැන කතා කරනවා. ඒත් තියෙන දේවල් ගැන අවබෝධ කරගෙන ඒවායින් කරන්න පුළුවන් උපරිම දේ කරන්න අපි පුරුදු වෙලා නෑ.ඒක භෞතික ,අභෞතික කියලා වෙනසක් නෑ. මානව වුණත් ඒ දේ එහෙමමයි.
ඕනම රටක අනාගතය තමයි දරුවෝ කියන්නේ. මේ දරුවන්ගේ අනාගතයට නිවැරදි මඟපෙන්වීමක් අවශ්‍යයි. සිසුන් හැමදාම පාරට බැහැලා. කෙනෙක් අහන්න පුළුවන් මේ අයට වෙන වැඩ නැද්ද, ඉගෙනගන්න ආවා නම් ඉගෙන ගන්න බැරිද කියලා. සමාජය තේරුම්ගත යුතු සහ විසදිය යුතු ප‍්‍රශ්න ඔවුන්ටත් තියෙනවා. ඔවුන්ගේ තරුණ ජවය අපතේ යවන්න ඉඩ දිය යුතු නෑ.විදේශ රටක විශ්වවිද්‍යාල උපාධිය අවුරුදු 22 ක් 23 ක් වෙද්දි ඉවර කරන්න පුළුවන්. ඒත් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තමන්ගේ උපාධිය ඉවර කරන කොට වයස 26 ක් නැත්නම 27 ක් වෙලා. රටේ අභිවෘද්ධියට යොදාගන්න පුළුවන් තරුණ ජවය නිකන්ම අපතේ යවලා. රැකියා විරහිත උපාධිධාරීන් කොච්චර ඉන්නවාද?ආණ්ඩුවක් කිසිදු විටක උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දිය යුතුයි කියලා බැදිලා නැහැ. ඒත් රැකියා ලබා දීමට හැකියාව ඇත්නම් ලබා දෙන්න ඕන. ඒ වගේම රැුකියා වෙළඳ පොලේ තරගකාරිත්වයට සුදුස්සෙක් බවට ඔහු පත් කරන්න ඕන. මේ සඳහා වෘත්තීයමය ප‍්‍රායෝගික පුහුණුවක් අවශ්‍යයි.
ඒ වගේම තරුණයින්ගේ වැරදි පමණක් දැකීම වැරදියි. තරුණ දරුවන් කරන හොඳ දේකට මාධ්‍ය ආවරණය ලබා දෙන ප‍්‍රමාණයට වඩා වැරැුද්දක් පෙන්්වලා සතුටු වෙන්න මාධ්‍ය කැමතියි. විශේෂයෙන්ම විද්‍යූත් මාධ්‍යය. වැරැද්දක් වුණොත් මහ ලොකුවට ඒ ගැන කතා කරනවා. මොකක්ද අපිට මේ වෙලා තියෙන්නේ. කාගෙන් හරි හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න නම් ඔවුන්ගේ හොඳ දේ අගය කළ යුතුයි. අපේ රටේ මාධ්‍යවල තියෙන අඩුපාඩුවක් තමයි ඔය. මාධ්‍ය තමයි සමාජය මෙහෙයවන්නේ මත සකසන්නේ. මාධ්‍යය ඉදිරිපත් කරන මතය තමයි මිනිසුන්ගේ ඔළු ගෙඩිවල තැන්පත් වෙන්නේ. අපි දැන්වත් මේක වෙනස් කල යුතුයි. තාරුණ්‍යය කොයිබටද කියලා අහන්න කලින් තාරුණ්‍යට මෙහෙම වුණේ ඇයි කියලා හේතු බීජ සොයන්න කාලය දැන් ඇවිත් තියෙනවා.
කලනි සීතාංජලී
lassanai
ReplyDelete