Thursday, July 21, 2016

ඔබ දන්නවාද ? ශිෂ්‍ය ගණිකා වෘත්තිය ගැන


ඔබ දන්නවාද ? ශිෂ්‍ය ගණිකා වෘත්තිය ගැන

බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල සිසුන් 20 කින් එක් අයෙකු ගණිකා වෘත්තියේ යෙදී සිටින බව ඔබ ඇසුවොත් එය පුදුමයට කරුණක් වනවා ඇත.මෙය පදනම් විරහිත ප‍්‍රකාශයක් නොවේ. බි‍්‍රතාන්‍යයේ ස්වැන්සී විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරු දෙදෙනෙක් කරන ලද පර්යේෂණයකට අනුව එරට විශ්වවිද්‍යාල සිසුන්  20 කින් එක් අයෙකු තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් සඳහා මුදල් සොයා ගන්නේ ගණිකා වෘත්තියේ යෙදීමෙනි.
මේ පිළිබඳ පර්යේෂණ කළ ටේ‍්‍රසි සාගා මහාචාර්යවරිය සහ ඩෙබී ජෝන්ස් නම් මහාචාර්යවරයා කෙල්ටන්හැම් උත්සව මාලාවේ (විද්‍යා උත්සව අවස්ථාවේ) දී මේ බව ප‍්‍රකාශ කර ඇත.
පර්යේෂකයින් සඳහන් කරන පරිදි බොහෝ දුරට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 20න් එකක් හෝ ඊට වැඩි පිරිසක් ජීවත් වීම සඳහා තම සිරුර විකිණීම පුරුද්දක් කරගෙන ඇත. එසේම සිසුන් 05 දෙනකුගෙන් එක් අයෙකු ලිංගික (කාම කර්මාන්තය)වෙළඳපොළ තුළ කටයුතු කරන බවත් මෙම රැකියාව, නැතහොත් මෙවැනි ක‍්‍රියාවන් මත්ද්‍රව්‍ය වෙළඳ සැලක සේවය කිරීමට සමාන බවත් පර්යේෂකයින් සඳහන් කරයි.
මෙම පර්යේෂණය අධ්‍යාපනික මට්ටමෙන් කරන ලද එකක් වන අතර ශිෂ්‍ය ලිංගික කි‍්‍රයාකාරකම් අධ්‍යයනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් මෙම කරුණු සොයාගෙන ඇත. ස්වැන්සී විශ්වවිද්‍යාලයේ සාගා මහාචාර්යවරිය ප‍්‍රකාශ කරන්නේ කිසියම් ලිංගික කි‍්‍රයාකාරකම් කරන අයෙකුගේ එම ක‍්‍රියාවන් ඔහුගේ හෝ ඇයගේ භෞතික ජීවිතයට බාධාවක් හෙවත් හානියක් සිදු නොකළද එවැනි අභියෝගාත්මක කි‍්‍රයාවන් සඳහා  කිසිවෙකු නොපෙළඹිය යුතු බවයි.
එසේම මත්ද්‍රව්‍ය අළෙවි කරන ස්ථානයක සේවය කිරීම සහ ගණිකා වෘත්තියේ නියැලීම අතර වෙනසක් තමා නොදකින බව ද මෙහිදී පරියේෂකයින් සඳහන් කර ඇත. මෙම අධ්‍යයනයේ දී විශ්වවිද්‍යාල සිසුන් 6773 දෙනෙක් යොදා ගෙන ඇති අතර මෙය සිදු කිරීම සඳහා වසර 03ක් ගතවී ඇත.
මෙහිදී ශිෂ්‍ය ගණිකා වෘත්තිය ශිෂ්‍යාවන්ට පමණක් සීමා වූ දෙයක් නොවන අතර ශිෂ්‍යයන් ද මෙයට ඇබ්බැහි වී සිටින බව හෙළි වී ඇත. hen parties (ගැහැණු පිරිමි දෙපක්ෂයම සහභාගී වන සාද)සඳහා පිරිමි සිසුන්ට ඇති ඉල්ලූම ඉහළ බවද මෙහිදී අනාවරණය විය. 
මෙලෙස අධ්‍යාපනය ලබන්නන් විසින් සිදු කරන ලිංගික කි‍්‍රයාකාරකම් ඔවුන්ට බරපතල නැතිනම් හානිදායක වූ දෙයක් ලෙස නොසිතුවද, විශ්වවිද්‍යාල තුළ මේවා වැළැක්වීම සඳහා ශික්ෂණ කි‍්‍රයාවලියක් හෝ ආරක්ෂාවන් යෙදීම හෝ කළ යුතු බව පර්යේෂකයෝ යෝජනා කරති.
 සාගා මහාචාර්යවරිය හමු වූ පොලිස් නිළධාරියෙක් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වයේ දී ඔවුන් කරන මෙම ලිංගික කි‍්‍රයාවන් තුළ එම සිසුන් සූරා කෑම,අයුතු ප‍්‍රයෝජන ගැනීම, ඔවුන් ශාරීරිකව හා මානසික අඩපණ කිරීම නැතිනම් වෙහෙසට පත් කිරීම, ආදිය සිදු වනවාද යන්න සොයා බලන්නේ නම් යහපත් බවය. එසේම මෙම දරුවන් දේශන සඳහා සහභාගි වන්නේ දැයි සොයා බලන ලෙසද ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් දෙමාපියන් සතුවද වගකීමක් ඇති බව සඳහන් කරන සාගා මහාචාර්යවරිය සඳහන් කරන්නේ තමාටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියක සිටින අතර මෙලෙස සිදුවන ලිංගික කි‍්‍රයාවලට විසදුම් සෙවීමට විශ්වවිද්‍යාලවල සහාය ද අවශ්‍ය බවයි. විශ්වවිද්‍යාල තම සිසුන් පිරිසගෙන් මෙවැනි ලිංගික කි‍්‍රයාකාරකම් සඳහා එක් වී ඇති සිසුන් හදුනාගත යුතු අතර ඔවුන් අපකීර්තියට පත් නොකිරිම ගැනද වගබලා ගත යුතු බවයි. එම ශිෂ්‍යන්ට අවශ්‍ය අවස්ථාවලදී උපකාර ලබා දීම ද මෙවැනි තත්වයන් මඟහරවා ගැනීමට උපකාරී වන බව ඇය සඳහන් කළාය.
නමුත් මෙම පර්යේෂණය පිළිබඳ අදහස් දැක්වූ බි‍්‍රතාන්‍ය දේශපාලන පක්ෂයක (කොන්සර්වෙටිව්) කාන්තාවක් සඳහන් කර තිබුණේ ගණිකා වෘත්තිය හා මත්ද්‍රව්‍ය වෙළඳසැලක සේවය කිරීම සන්සන්දනය කිරීම සාහසිික දෙයක් බවයි.එසේම එක්තරා බලපෑම් කණ්ඩායමක සාමාජිකාවක් වූ මාග‍්‍රට් මොරිසි ප‍්‍රකාශ කළේ දේශපාලන පක්ෂයේ කාන්තාව දැක්වූ මතයට විරුද්ධ මතයකි. ඇය සඳහන් කළේ එය විශ්වාස කළ නොහැකි හා වගකීම් රහිත ප‍්‍රකාශයක් බවයි. තම පෞද්ගලික මතය අනුව ගණිකා වෘත්තිය වැරදි බව තමාද පිළිගන්නා බවත් එවැනි දෙයක් රටක සම්මතයක් ලෙස පිළිගන්නේ කිහිප දෙනෙක් පමණක් බවත් ඇය සඳහන් කර ඇත.කෙසේ වෙතත් දෙමාපියන් තම දරුවන් පිළිබඳව සොයා බැලිය යුතු අතර මෙවැනි ලිංගික කි‍්‍රයාවන් වලදී සිසුන්ව බිය වැද්දීම් , ආතතියට ලක් කිරීම් ආදිය තරුණ දරුවන්ගේ අනාගතයට අභියෝගයක් විය හැකි බව ද ඇය සඳහන් කර ඇත. එසේම තමාටද අවුරුදු 18 ක දියණියක් සිටින අතර මෙම පර්යේෂණය දැකීමෙන් තමා කැළඹීමට පත් වූ බව ද ඇය සඳහන් කළාය .
කුමන රටක වුවද අනාගතය වන්නේ එම රටේ දරු පරපුරයි. රටේ අනාගතය හිස මත ගෙන යන්නන්ගේ අවකල් කි‍්‍රයාවන්  එම රටේ අනාගත අභිවෘද්ධියට අකුල් හෙලනු ඇත. මෙවැනි පර්යේෂණ නිසාවත් අධ්‍යාපනය ලබන දරුවන්ගේ  අවශ්‍යතාවලට කන් දී රටේ අනාගතය සාරවත් කිරීමට රටේ නියමුවන් කටයුතු කළ යුතුය.
කලනි සීතාංජලී

No comments:

Post a Comment