ඈත අතීතයේ සිටම අප ”දෙන” ජාතියක් ය. වසර ගණනාවක සිටම අපට දීමේ හුරුව ලැබී ඇත. එසේ දීමේ ප‍්‍රතිඵල ද නැතිවා නොවේ. වර්තමානයේදී ද දීම නම් ඉතා ප‍්‍රසිද්ධ වනවාය. ප‍්‍රසිද්ධ වනවා පමණක් නොව ප‍්‍රසිද්ධව පවතිනවාය. පොඩි එව්න් ලොකු එවුන්ට දෙනවාය. ලොකු එවුන් තව ලොක්කන්ට දෙනවාය. අතීතයේ සිටම දීම පිළිබඳව ප්‍රෞඪ ඉතිහාසක් සිංහලයන්ට ඇත්තේය. ඔවුන්ට කොච්චර දුන්නත් හිත් වදින්නේ නැතිය. නොදෙන සිංහලයන් ද අතලොස්සක් හෝ ඇති බව කිව මනාය. ඔවුනට අප ගරු කරන බවද කිව මනාය. පෘතුගීසීන්ට දීමේ සිට ජාතීන් තුනක් දක්වාම දීම නැවතුණේ නැත. උන් අපේ කන්‍යා භාවය රැුගෙන ගිය පසු උන්ටම අප එපා විය . ඉන් පසු උන්ම අපි හැර ගියෝය. ඉ`ගුරු දී මිරිස් ගත්තා වාගේ යයි කියමනක් ද අපට ඇත්තේය. ඒ තරමටම ”දීම” අපට සම්බන්ධය.
දේශපාලනය නම්, දීමෙන් ඇත්තේ සියල්ලටම ඉදිරියෙන්මය. දේශපාලනයේ ඇති තරම් ගෙම්බන් ඇත්තේ එම නිසාය. උන් පාට පාට වන්නේ ද මෙනිසාය. මෙහිදි මට මතක් වන්නේ අසවලූන්ය. නොකියා සිටියොත් හරි මදිය. නොදෙන හා නොගන්නා තැන්වල සිටි ඇතැම් වංශක්කාරයන්ට වුණ හදිය මට මතක් වන්නේය. සිනා සෙන්නද අඩන්නදැයි මට තේරෙන්නේ නැත .ඒ දෙන්නට ගිය වංශක්කාරයන් දැන් වංශය කබල් ගා ගන්නා සැටි දැක මට නම් හිනාය. මේ එකෙක් පමණක්ය. තවත් දෙයක් කිව යුතුවම ඇත. ඒ මෙලෙස දෙන්නේ නිකන්ම නොවේ කියාය .මෙලෙස දෙන්නේ තමන්ට දෙයක් ලබා ගන්නට හැකිනම් පමණක් බව කිව මනාය. මෙරට දේශපාලනයට නම් සහමුලින්ම වී ඇත්තේ ඔය ටිකය. පොඩි අයියා ලොකු අයියාට දෙන්නේය. ලොකු අයියා ද පොඩි මල්ලිලාට ඒ වෙනුවෙන් දෙන්නේය.මේ ක‍්‍රමය ලොකු අයියලාට මෙන්ම පොඩි මල්ලිලාට ඡන්දේ දෙන උන්ටත් පුරුදුය. පොරොන්දුවලට රැවටී නැතිනම් දෙනවා කියා වචනය ඇසූ සැනින් උන් කතිරය ගසන්නේ එනිසාය. ගන්නට හා දෙන්නට උපන් හපන් නිසාමය. ඒක උන්ගේ ම වරදක් නොවන්නේය. මේ ක‍්‍රමයේ වරදක්ය.
පැරැුන්නන්ද දීමේ නම් හපන්නුය. උන් දුන්නේ අද දෙන විදියට නම් නොවේය. උදව්වක් නැතිනම් යුතුකමක් හැටියටය.ඒ ගම්මුන්ය. ධාන්‍ය වලට ධාන්‍ය හුවමාරු කොට ගෙන සහජීවනයෙන් ජීවත් වී ඇත්තේය. දැන් ඒ දීම ද වෙනස් කරගෙන ඇත්තේය. දීමේ ආදීනවද එමට දකින්නට ඇත්තේය. එහි අත්දැකීම් ද අත්විදීම් ද ඇත්තේය . ඒ කොතෙක් වුවත් මේ ක‍්‍රමය තුළදී ඉහළ නැ`ගීමට නම් දීම උවමනාය. ඉ`දින් අපි තවදුරටත් දෙමුද? නැතිනම් ක‍්‍රමය වෙනස් කිරීමට දෙමුද?.
කලනි සීතාංජලී
carry on....
ReplyDeletenice.....
ReplyDeletediÜtama liyní
ReplyDelete