Sunday, August 28, 2016
Friday, August 26, 2016
Saturday, August 20, 2016
විනිවිඳිමි සොඳුරු අඳුර
ආලය කරමි අඳුරට
දෑස් පෙනෙනා ආලෝකයට වඩා
අනුන්ටත් මා නොපෙනෙන
මටත් අනුන් නොපෙනෙන
අඳුරට පෙම් බඳිම් මම
දෑස් අඳුරට හුරු වන තුරු
පෙම් නොබඳීවි අඳුර මට
දෑස පෙම් බැඳි කල අඳුරට
අඳුරත් ආලෙ කරයි මට
ඉඳින්
විනිවිඳිමි සොඳුරු අඳුර
Wednesday, August 10, 2016
Monday, August 8, 2016
ඇමතිතුමෙක්
ඇමතිතුමෙක්
ඒ පැත්තෙ හිටි කෙනෙක්
මේ පැත්තට පැන
ඒ කාලේ අර ගොල්ලෝ
කළේ මෙහෙමයි කියයිරෙදි නැතුව හිටගෙනම
වෙනස් වෙන්න
වෙනස් වෙන්න
ඔබ බුද්ධිමත් දැයි මම නොඅසමි. ඔබ බුද්ධිමත් නම් තවදුරටත් කඩේ යෑම නතර කළ යුතුය. වසර ගණනක් තිස්සේ කඩේ යෑම අපට හුරැ පුරැදුය. මන්ද අප තවමත් පාට අනුව කතිරේ ගසන රටක වෙසෙන නිසාවෙනි. ඔබේ පියා නිල් හෝ කොළ හෝ රතු වූ පමණින් ඔබත් පාට අනුව ඡන්දය දිය යුතුය යන ව්‍යාජ සංකල්පය වසර ගණනක සිටම කර පින්නාගෙන සිටින රටක් වීම නිසාම වසර ගණනක් තිස්සේ අපට අහිමි වූ දෑ බොහෝය.පෙළපාලිවල දහඅට පාළි නටමින් කෑ මොර දීමේ දේශපාලන සංස්කෘතිය තවමත් වෙනස් වී නැත්තේ මේ නිසාය . අප ආරෝපණය විය යුත්තේ පක්ෂයකට, පාටකට හෝ පෞරැෂත්වයකට නොවේ. ප්‍රතිපත්තිවල ගුණාත්මක භාවයටය. නමුත් අපි තවමත් දේශපාලනය දෙස බලන්නේ පාට කණ්ණාඩි දමාගෙන වීම කනගාටුදායක කරැණකි.අප දැන්වත් වෙනස් විය යුතුය. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුය.පරම්පරානුගතව හෝ දේශපාලන පක්ෂ අනුව මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ඡන්ද බලය භාවිත කර නුසුදුසු පුද්ගලයින් අප නියෝජනය සදහා පත් කර ගැනිම අනුවණ ක්‍රියාවක් බව දැන්වත් වටහා ගත යුතුය.
කාන්තා ඔබ සිතන්න
වරද කාගේද
අපි 2500 ක
මහා ඉතිහාසයක් තියෙන ෙබෟද්ධ රටක් කියලා උදම් අනමින් අපි හැමදාම එක තැන පල්
වෙනවා. ඒ ප්‍රෞඪත්වයේ ඉදලා වර්තමානය වෙනකොට අපි වෙනස් වෙලා තියෙන්නේ කොහොමද ?අපිට
මහා සංස්කෘතියක් තියෙනවා .ඔය සංස්කෘතිය හැමදේටම අඩිතාලම හදලා තියෙනවා විතරක්
නෙමෙයි. සමහර දේවල්වලට මග අහුරලා තියෙනවා කියලත් මට නම් හිතෙනවා. ඔය සංස්කෘතික බැදීම් පුපරා ගිය
අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා .මවක්
දරැවෙක් කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගිය බව ඊයේ පළවු පුවතක සදහන් වුණා.ඔව්
මේ වසර 2500ක ඉතිහාසයක් තියෙන රටේ . දැන්
කට්ටියම එකතු වෙලා මේ අම්මට බනිනවා . ඒක
තමයි ලංකාවේ සංස්කෘතිය. ඒත් කවුද අහන්නේ ඇයි මේ අම්මා මෙහෙම කළේ කියලා . මොන හේතුවක්
වුණත් දරැවෙක් පාරේ දාලා යන එක ඉතාම දරැණු සහ නොමනා වැඩක් . ඒත් එතන ඉන්න ඕන
තාත්තා එතන බැනුම් ඇහුවද? ඒ කාන්තාව ඒ දරැවා හදා ගත්තේ තනියමද? එතන හිටිය පිරිමියා ගැන කාටත් අමතක ඇයි? ප්‍රශ්නේ
තියෙන්නේ මෙතන. කොල්ලා නාවලා ගෙට ගත්තම හරි කියල අදටත් සමාජය කියනවා .ඇයි දුවට
එහෙම සලකන්නේ . ඇයි පිරිමියාගේ වරද සොයන්න කවුරැත් උත්සාහ නොකරන්නේ. මේ සමාජයේ
කිසි කෙනෙක් කෝවලන් කෙනෙක් සොයන්නෑ. හැබැයි පත්තිනියක් නම් සොයනවා. ස්වාමියා
කෙරෙහි කාන්තාවක් සතුව තිබිය යුතු යැයි කියන ඔය පතිවෘතාව කාන්තාවක්ම වුණු
නැන්දම්මලා අම්මලාත් හොයනවා . හැබැයි එතන දුවට ලැබුණේ කෝවලන් කෙනෙක් නම් එතන
කවුරැත් කතා කරන්නෑ. මාධවියකට අද සමාජය
දොස් නැගුවත් මාධවියක් නිර්මාණය කරපු කෝවලන් ගැන කිසිකෙනෙක් කතා කරන්නෑ. ලංකාවේ
සිනමා කෘතියත් හොයන්නේම කාන්තා පතිභක්තිය. කැදැල්ල රක්නා ගැහැනියක් වගේම ආදරයේ
දෙව්රැවක් පමණයි ලාංකීය සිනමාවටත් අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට අර වරදකාර කෝවලන්ලා
සැගවෙන එක අහන්නත් දෙයක්ද?මේ සංස්කෘතිය විවාහක කාන්තාවට දාලා තියෙන විලංගුව කොහොම
එකක්ද ?වැලකට එතෙන්න ගහක් ඕනම ලු. ඒ වගේ විවාහක කාන්තාවකටත් තනිව ජීවත් වන්න
අපහසුයිලු. මේ මතය අදට ගැළපෙනවද? මේ වගේ මත සංස්කෘතිය තුළ තිබෙන තාක් පත්තිනියන්
වරදකාර කොවලන්ලා නැවත නැවතත් භාර ගැනීම සිදු නොවී තියෙයිද ? වරද කාගේද?
Saturday, August 6, 2016
තාත්තාගේ මළගම
තාත්තාගේ මළගම
''තාත්තා මියැදුණා''
ටෙලිග්‍රෑමයක් ඇවිත්
අමම්ගෙන් මයෙ හිතේ
යන්න වෙයි දැන්මම
අයියෝ මං හෙට
ෂොපින් යන්නයි හිටියේ
ඔක්කෝම ඉවරයිනේ දැන් ඉතිං
කුමාරිගේ මැසිවිල්ල
මල්ලිගේ ඔපිසියේ
කට්ටියත් අද ඒවි
සලකන්න වෙයි හොඳට
නැත්නම් වස ලැජ්ජාව
ගමේ උනුත් ඉන්නෙ
ඔය සෑහෙන්න
අනේ උන්ටනම් ඔය
මොනවා දුන්නත් මොකද
''අක්කාගේ
දෙඩවිල්ල''
වළ කපන්නෙත් උන්ද
තොරණ බැන්දෙත් උන්ද
උන්ට නම් ඔය මොනවා
කන්න දුන්නම මොකද
මිහිදන් කරන දින
ගුණ කථන ඇරඹුණා
මල්ලීගේ ඔපීසියේ
කෙනෙක් මුල පුරනවා
කොහෙද ඔය කියෙව්වට
හිටියේ නෑ එකෙක්වත්
මහත්තයයි මමයි තමයි
බැලුවේ මේ හැමදේම
''කාටදෝ
කොදුරන්නේ මා බිරිද''
අනේ මගේ දරැවෝ ටික
තමයි බැලුවේ හැමදේම
තාත්තා මැරෙන තුරැ
සැලකුවේ උන්දැටත්
අම්මාගේ ගුණ ගැයුම
කොහේදෝ දුර ගිහින්
වාතලේ මුසු වෙලා
ඇසී නෑසී ගියා කෙදිරියක් මෙන්
Tuesday, August 2, 2016
මව්පිය ආදරය ෂෙයා විම
මව්පිය ආදරය ෂෙයා විම
මව්වරැන්ගේ දිනයට පියවරැන්ගේ දිනයට අම්මට ආදරේ අය ෂෙයා
කරන්න, තාත්තට ආදරේ අය ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේ පෝස්ට් ඕන තරම්
මුහුණු පොතේ දැකගන්න පුලුවන්. එතකොට අම්මට ආදරේ අය ඒක ෂෙයා කරනවා ඇති. ඒ ගැන
හැගීම්බර අයත් ෂෙයා කරනවා ඇති. මං කතා කරන්නේ ඒ ෂෙයා කිරීම නැත්නම් කමෙන්ට් කිරිම
වැරදියි කියන එක ගැන නමේ. ඒත් ඇත්තටම අම්මට තාත්තට ආදරේ කරන්නේ ඔයා අම්මට තාත්තට
ආදරෙයි කියලා කියන්නේ ඒ පොස්ටුව ෂෙයා
කරලද?
නැත‍්නම් ඒකට කමෙන්ට් කරලද ? ඒ ආදරේ
දකින්න ඔයාගේ අම්ම මුහුණු පොතේ ඉන්නවද අපි අපේ දෙමව්පියන්ට ආදරේ කරන්නේ කාටවත්
පේන්නද? අපේ අම්මා තාත්තා අපිටත් ආදරේ කමෙන්ට් කරලා ෂෙයා කළා නම් අද අපිට මොකද
වෙන්නේ? ඔබ ෂෙයා කරන පෝස්ටුව දකික්න අම්මට වෙලාවක් තියෙයිද? ඒක අම්මට පේන්නෙත්
නැත්නම් කාටද අපි ඒ ආදරේ පෙන්වන්නේ? ආදරේ ෂෙයා කරන්න පුලුවන්ද? දරැවන්ගේ වැඩ කරලා
කරලාම නිමාවෙන ඇගේ දවසේ ඕකට වෙලාවක් තියෙනවද අනික ශ්‍රී ලාංකීය සංස්කෘතිකගත අම්මා
අපි දකින විදියත් එක්ක අම්මට ඔයා ඔය ෂෙයා කරන පෝස්ටුව දක්නන ඇති ඉඩකඩ කොච්චර අඩුද
අනිත් කෙනා ඒ වගේ පෝස්ටුවක් දාලා තිබ්න පලියට
ඔයත් එහෙමයි කියලා පෙන්වන්න තියෙන උවමනාවට නෙමෙයිද ම්නිස්සු ඔය වගේ දේවල් ෂෙයා
කරන්නේ. ආදරේ කියන්නේ මානුෂීය හැගීමක්. මින්ස්සු අන්ධානුකරණයට ඇයි මේ තරමටම කැමති. සමහර විට ඔබ ඒ
පෝස්ටුව ෂෙයා කරන කොට ඔබේ අම්මා ඔබ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා ඇති. ඔබේ තාත්තා කුලී වැඩ කරනවා ඇති.
නැත්නම් ඒවෙලාවේ ඔබේ තාත්තා කුඹුරේ වෙන්න ඇති. අම්මට ආදරේ පෙන්වන්න ඒ වලාවෙදි ඇගේ
වැඩට නැත්නම් තාත්තාගේ වැඩට උදව් උනානම් ඔබ ඔය ෂෙයා කරපු පෝස්ටුවේ ඇත්තම ආදරේ ඔබ
අවශ්‍ය උත්තමයන්ට පෙන්වලා ඉවරයි නේද අනත් අතට මෙහෙම වෙන්නත් පුලුවන්. අම්මලා තාත්තලා
දැකගන්න බැරි තරම් දුරක ඔබ ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ පෝස්ටුව දැකක් ගමන්
ඒක ෂෙයා කරන්න කලින් ඔයා එක පාරක් ඔයාගේ අම්මට තාත්තට කෝල් එකක්වත් දීලා බැලුවද?මම
කියන්නෑ මේ වගේ පෝස්ටු ෂෙයා කරන්න එපා ඒක
වැරදියි කියලා. ඒත් හිතලා බලන්න. ඇත්තටම අම්මට තාත්තට ආදරේ පෙන්වන එකයි ලෝකෙට
එහෙමයි කියලා පෙන්වන එකයි දෙකක් නේද?
Subscribe to:
Posts (Atom)